අමාත්‍යවරුන් තුන්දෙනෙකුට සහ මුදල් අමාත්‍යාංශයට වාහන ලබා ගැනීම මෙන්ම නිල නිවාස අලූත්වැඩියා කිරීම සඳහා රුපියල් විසිපන්කෝටි අසූලක්ෂ 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
මේ අතර ජාතික පුවත්පත් වාර්තා කරන්නේ ආපදාවට ලක්වූවන් සඳහා හදිසි ආධාර වෙනුවෙන් රුපියල් මිලියන 45 ක එනම් කෝටි 4.5 ක මුදලක් වෙන් කර තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් ද සමාජජාල මාධ්‍යන්වල අලුත් කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.
බොහෝ දෙනෙකු පවසා ඇත්තේ මැති ඇමතිවරුන්ගේ සුපිරි ජීවිතය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල සහ බදු ගෙවන අසරණ මිනිසුන් පීඩාවට පත්වූ විට ඔවුන් වෙනුවෙන් වෙන් කෙරෙන මුදල අතර වෙනසෙහි අගය වටහාගන්නා ලෙසයි.
