දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් බොහෝ ප්රදේශවල මිනිසුන් ආපදා තත්වයන්ට ලක්ව සිටින අතර ඔවුන් බේරා ගැනීමට සහන කණ්ඩායම්ද මේ වනවිට ක්රියාත්මක වෙමින් පවතිනවා.
මෙලෙස ආපදාවට ලක්වූ පිරිසක් මුදා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ නෙළුව දූරිඇල වතුයායක ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය අවස්ථාවේදීයි.
ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා ද සමග ගුවන් හමුදා සෙබළා ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අඩි 25ක පමණ ඉහළ සිට ඔවුන් දෙදෙනා ඇද වැටී තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා සහ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
