රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස පසුගිය දිනක බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙන බව අප මීට පෙර වාර්තා කළා.
ඊට අමතරව නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇති බව එහිදී දැනගන්නට ලැබුණා.
කොහොම හරි නිවස බිඳ සිය දේපළ කොල්ලකෑ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණා.
එහිදී එම පුද්ගලයා විසින් සොරාගත් රයිනිගේ භාණ්ඩ නැවත ලබා දුන්නා.
කොහොම හරි ඒ භාණ්ඩ අතර තිබුණු රයිනිගේ මගුල් මුද්ද ලැබීම සම්බන්ධයෙන් ඇය ඉතාමත් සතුටින් ඉන්නේ.
ඒ සතුට කොච්චරද කියනවානම් බලන්නකෝ ඇය ඒ මුද්දේ ඡායාරූපයක් ෆේස්බුක් එකට දාලා ඇය එහි තැබූ සටහන.
