ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතිනවා.ඇයගේ නම තමයි ඩරිනි අල්වීර.වසර කිහිපයකට පෙර ජනප්‍රියත්වයට පත්වූ යායට පායනා ගීතයේ රූප රචනාවට එක්වෙමින් ඇය මෙරට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වුණා.
මේ සති අන්ත ප්‍රධාන පුවත්පතක් ඇය සමග කළ සංවාදයකි.
ඔබේ බ්ලොග් එකේ මූලිකවම පළ කරන්නේ මොනවාද?
කාලයෙන් කාලයට එළියට එන විවිධ වර්ගයේ විලාසිතා තමයි මූලිකවම මං පළ කරන්නේ. ඒ හැම විලාසිතාවක්ම මං ගොඩක් විශ්වාස කරන brands ගැනයි. ඒ ගැන වැඩියෙන් මට කියන්න අවශ්‍ය වුණු වෙලාවට මං travel segment එකකටත් යනවා. Travelling වගේම Fashion කියන්නේ මං ගොඩක් ආසා කරන ක්ෂේත්‍රයන් දෙකක්. ඉතිං මට හිතුණා මේ දෙකම එකට සම්බන්ධ කරන්න.
ධරණි ඇයි Blogger කෙනෙක් වෙන්න හිතුවෙ?
ඇත්තටම මං කවදාවත් කලින් හිතලා තිබුණේ නෑ Blogger කෙනෙක් වෙන්න. ඒ හැමදේම පටන් ගත්තේ Instagram එකේ අනුබලයෙන්. මොකද කියනවා නම්, මගේ Instagram එකේ හොඳ වටපිටාවක් මට තිබුණා. මට Comment කරපු අයගේ අදහස්, විස්තර, හැඟීම් අනුව මට හිතුණා මීට වඩා හොඳ වටපිටාවක් ඇති කරගන්න.
කැමැතිම දේවල්…?
‘මගේ ආසම දේවල් කොහොමද මං අනිත් අයත් එක්ක බෙදාගන්නේ’ කියන තැනදී තමයි Blog එක තෝරා ගත්තේ. අත්දැකීම් කියන දේ මට බෙදාගන්න ඕන වුණා. මං දැනන් හිටියා කිසිම බාහිර බලපෑමකට පාලනය කරන්න බැරි ශක්තිමත් විශ්වාසයක් මගේ ළඟ තියෙනවා කියලා.
අපි මේ වෙනකොට පහු කරන්නේ ඉතාමත් වේගයෙන් update වෙන විලාසිතා ලෝකයක් එක්ක. ගිය සතියේ තියෙන විලාසිතාව නෙවෙයි මේ සතියේ තියෙන්නේ. මගේ blog එකේදී ඔබට දැකින්න පුළුවන් වේවි අලුතින් වෙනස්වෙවී එන විලාසිතාවල ස්වරූපය. මට ඕන කරන්නේ හැම තිස්සෙම අලුත් වෙවී එන විලාසිතා විතරයි.
මේ වෙනකොට වෙන මොනවද කරන්නේ?
දැන් නම් මං අලෙවිකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. ඒත් එක්කම ස්ටුඩියෝ එකක digital Marketing පැත්තෙන් වැඩ කරනවා. මේ හැමදේමත් එක්ක තමයි ඕතධඨ ලියන්නෙත්.
විනෝදයට තව විශේෂ දෙයකුත් කරනවා නේද ?
ඔව්. අවුරුද්දකට විතර කලින් මං Boxing පටන් ගත්තා. Blogging, travelling, cooking වගේම කන බොන දේ අතරේ ඕධයඪදඨ කියන්නේ හරිම විනෝදජනක දෙයක්.
අනාගතයට මොනවද සැලසුම්?
දැනට කරන වැඩවලින් පොඩ්ඩක් අයින් වෙන්නත් වෙයි ඉදිරියේදී. මොකද ලංකාවේ හැංගිලා තියෙන වැඩ ටිකක් ඕස්ට්‍රේලියාවේදී එළියට ගේන්නත් මං හිතාගෙන ඉන්නවා. දේශීය දේවල් ටිකක් ඉක්මනටම ඉදිරියට ඒවි.


















