Gossip

කාන්තාවන් ජංගම දුරකතන භාවිතා කළොත් දඩයක් පනවන්න තීරණයක්

කාන්තාවක් ප්‍රසිද්ධියේ ජංගම දුරකතනයක් භාවිතා කළොත් දඩයක් පනවන්න තීරණය කරලා තියෙනවා.

මෙහෙම කරලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේයි.

මේ වෙනුවෙන් රුපියල් විසිඑක් දහසක දඩයක් පැනවීමටයි තීරණය වී ඇත්තේ.

මත්පැන් භාවිතය / සූදුව සහ ගව ඝාතනය වැනි වරදවල් යටතේ කාන්තාවක් ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරද සැළකෙන බවයි ඔවුන් අවධාරණය කරලා තියෙන්නේ.

මෙම නීතිය පසුගිය අඟහරුවාදා පනවා ඇති අතර ග්‍රාම සභාවක් මගින් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.

මොවුන් පෙන්වාදී ඇත්තේ මෙම ග්‍රාමය තුල සිටින කාන්තාවන් බොහෝ පිරිසක් නූගත් වන අතර ඔවුන්ට ජංගම දුරකථනයක් භාවිත කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

ඕනෑම දෙයක් තම සම්ප්‍රදායන්ට අනුකූලව සිදුවිය යුතු බව ද ඔවුන් කියලා තියෙනවා.

කාන්තාවන්ට ජංගම දුරකථන භාවිතයට තහනමක් පැනවීම තුලින් මෙම ගම්වැසියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තරුණියන් පිරිමින් සමග පවතින සබඳතාවලට බාධා මතු කිරීම බවයි ඉන්දීය ආරක්ෂක අංශ පෙන්වා දී ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!