බොලිවුඩයේ චිත්‍රපටි ගැන කියද්දි කවදාවත් අමතක වෙන්නේ නැති කෙනෙක් තමයි යාෂ් චොප්රා කියන්නේ. කාලෙකින් නම ඇහුනේ නැති වුණත් යාෂ් අලුත් වැඩකට අතගහලයි හිටියේ.
ඒ තමයි “ජබ් තක් හේ ජාන්” කියන යාෂ්ගේ අලුත්ම චිත්‍රපටිය. යාෂ් කියන්නේ ඉතින් පොඩි වැඩ කරලා පුරුද්දක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. ඉතින් මේ වැඩේට අරගෙන තියෙන්නෙත් එසේ මෙසේ අයවනම් නෙමෙයි.
බොලිවුඩයේ කින්ග් ඛාන් ශාරුක් තමයි ප්‍රධාන නළුවා. රිෂී කපූර්, කත්රිනා කයිෆ් වගේම අනුෂ්කා ශර්මාත් ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටියේ අධ්‍යක්ෂණයත් පුංචි පහේ එක්කෙනෙක් ගෙන්නම් නෙමෙයි. ආදිත්‍ය චොප්රාගෙන්. සංගීතය කරලා තියෙන්නේ ඒ.ආර්.රහමන්. සින්දු ටික ගුල්සර්ගෙන්. එතකොට කතාව ලියලා තියෙන්නෙත් ආදිත්‍ය චොප්රා.
චිත්‍රපටියට අඳින පළඳින දේවල්වලට නම් උපදෙස් ලැබිලා තියෙන්නේ මනීෂ් මල්හෝත්‍රා, ෂිරාස් සිද්දික්, උර්වාෂි ෂා කියන අයගෙන් තමයි. ලොකු ලොකු අය සෙට් වෙලා කරන මේ වැඩේ සාර්ථක වෙයි කියලායි හැමෝම කින්නේ. බලමුකෝ මොනවා වෙයිද කියලා.
