Gossip

අද කොළඹ ආරක්ෂාවට බහින සුපිරි රථ මෙන්න

කොළඹ නගරයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කැමරා පද්ධතියක් සහිත නවීන තාක්ෂණයෙන් සපිරි පොලිස් ජංගම රථ අද (01) දිනයේ සේවයට යෙදවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

දැනට කොළඹ නගරයේ සවිකර ඇති කැමරා පද්ධතිවලට අමතරව මේ කැමරා පද්ධතිය සහිත ජංගම රථය සේවයට යොදවන අතර එම කැමරා පද්ධතියෙන් ලැබෙන තොරතුරු විමර්ශනය කර අදාළ ස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සැපැයීමට යොමු කරවන බවද වාර්තා වනවා.

මැයි පෙළපාළිවලට සහභාගි වීම සඳහා විශාල පිරිසක් අද දිනයේ කොළඹ නගරයට පැමිණෙන බැවින් මේ ආරක්ෂක ක්‍රියාමාර්ගය ගෙන තිබෙන අතර මහනුවර නගරයේ ආරක්ෂාව සඳහා මෙවැනි කැමරා පද්ධතියක සහාය ලබා ගැනීමට අවධානය යොමු කර තිබෙනවා.

3l-image 9dc0c21a23e200f7236e98dfbdf21662

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!