පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයක් තමයි යසාරා අබේනායක කියන්නේ.
ඉතින් යසාරාගේ සැමියා ෆාසිල් මරිජා රගර් ක්රීඩාවෙන් සමුගැනීමට තිරණය කරලා තියෙනවා.
ෆාසිල් කියන්නේ ශ්රි ලංකා රගර් කණ්ඩායමේ හිටපු නායකයෙක්.
යසාරා මේ ගැන සිය ෆේස්බුක් ගිණුමේද සඳහන් කර ඇත්තේ “ෆාසිල් මරීජා ජාතික වගකීමෙන් විශ්රාම ගැනීමට තීරණය කරයි” යනුවෙන්.
ක්රීඩා ලෝලීන්නම් කියන්නේ යසාරා මව්පදවිය ලැබීමට සිටින නිසා ක්රීඩාවෙන් සමුගන්න ෆාසිල් තීරණය කරලා කියලා.
2003 සිට ෆාසිල් මරිජා ශ්රි ලංකා රගර් කණ්ඩායම නියෝජනය කරන අතර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ විශිෂ්ට රගර් ක්රීඩකයෙක්.
ශ්රී ලංකාව වෙනුවෙන් වසර 14ක් ක්රීඩා කොට ඇති ෆාසිල් ලබන මැයි මස මැලේසියාවේ පැවැත්වෙන ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියෙන් පසුව රගර් ක්රීඩාවට සමුදීමට තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
නවක ක්රීඩකයන්ට අවස්ථාව ලබා දීම සඳහා මෙම තීරණය බලපා ඇති බවත් ඔහු කියලා තියෙනවා.
රට වෙනුවෙන් ජයග්රහණ රැසක් ලබා දුන් ෆාසිල් හට විශ්රාම ගැනීමෙන් පසු ක්රීඩා පරිපාලනයෙන් ආරාධනාවක් ලැබුනහොත් නම් පුහුණුකරුවකු ලෙස තමන්ගේ උපරිම දායකත්වයට ලබා දීමට හැකි බවත් ඔහු සඳහන් කරලා තියෙනවා.