කුඩා දැරියක් ගෝනියක දමා පහරදෙන දර්ශනයක් පසුගියදා චීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අවුරුදු 04ක පමණ දැරියකට මෙලෙස පහර දෙන්නේ ඇගේ අත්තම්මා සහ නැන්දා කෙනෙකු බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර තවත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ දැරියගේ නැන්දා සහ ආයා බවයි.
දැරිය වැඩිහිටියන් කියූ දෙයක් නොඇසීම නිසා මෙලෙස පහරකෑමට ලක්වූ බවයි වාර්තා වන්නේ.
දැරිය හඬනු ඇසූ අසල්වැසියෙකු විසින් මේ වීඩියෝව රහසින් පටිගත කර තිබුණා.
මේ දැරියට පහරදුන් වැඩිහිටියන්ව පොලිසිය හමුවට පමුණුවා ඇතැයි වාර්තා වනවා.
