Gossip

“තමන් හොඳින් ඉන්නවානම් කට කතා වුණත් හැදෙන්නේ නෑ” – ශෂිකා නිසංසලා

ශෂිකා නිසංසලා කියන්නේ අපි කවුරුත් ආදරය කරන මියුරු හඬක් ඇති ලංකාවේ ප්‍රධානතම ගායිකාවක්.වසර ගණනාවක් සංගීත ක්ෂේත්‍රයේ හිටියත් අනවශ්‍ය කට කතාවන් හැදුනේ නැති චරිතයක් විදියට ශෂිකා නිසංසලාව අපට හදුන්වන්න පුලුවන්.පසුගියදා පැවති Slim Nielsen people Awards සම්මාන උළේලේදී ඇය ජනතාවගේ ගායිකාව ලෙසද සම්මානය පාත්‍ර වුණා.ලංකාවේ බොහෝ දෙනා ශෂිකාට මේච්චර ආදරය කරන්නේ ඇයි?ඒ ඇයි කියලා පසුගිය දවසක ශෂිකා පුවත්පතකට කියලා තිබුණා.එහිදී ඇය කියලා තිබුණේ ඇය ජීවත් වෙන විදියට බොහෝ දෙනා ආදරය කරනවා කියලයි.

අපි කාගේ හෝ ගීතවලට හඬට ආදරය කරනවා නම් එයාගේ පෞද්ගලික ජීවිතය ගැන උනන්දු වීම සාමාන්‍ය දෙයක්. එතැනදී පුද්ගලයා ආකර්ෂණයට එයාගේ ඇඳුම්, හැසිරීම, පැවැත්ම, බලපානවා. මම සුජාතා අත්තනායක මහත්මියට පුදුමාකාර ඇල්මක් දැක්වූ කෙනෙක්. ඇය අඳින විදිය, වැදගත් හැසිරීම් රටාවට මම ආදරේ කළා. ඇය බිරිඳක් විදියට, මවක් විදියට ගෙවන ජීවිතයට ආදරය කළා. ඇය කිසිදාක කිසිම කට කතාවක් හදා ගත්තෙ නැති ගායිකාවක්. මගේ පරමාදර්ශී චරිතය වුණේ ඇය. අද මටත් මගතොටේදී හමුවන රසික පිරිස විශේෂයෙන් මට වඩා වයසින් වැඩිහිටි අය කියන දේවල් තුළින් මගේ පෞද්ගලික පැවැත්මට ඒ අයගේ ආදරය ලැබෙන බව මට දැනෙනවා. මගේ ඇඳුම් ඒ අය අගය කරනවා. මහත්තයයි දරුවො දෙන්නයි එක්ක සාර්ථක ජීවිතයක් ගෙවන එක අගය කරනවා. තමන් හොඳින් ඉන්නවා නම් කට කතා වුණත් හැදෙන්නේ නෑ.

සමහර අය කියනවා තමන්ගේ කලා නිර්මාණ මිසක් පෞද්ගලිකත්වය ‍නෙවෙයි වැදගත් කියලා.ඒත් ඒ කතාවෙන්ම තේරෙනවා. ඒ අයගේ පෞද්ගලිකත්වය තුළ මොකක්දෝ හැංගිච්ච රහසක් තියෙනවා කියලා. කලා ක්‍ෂේත්‍රය අනික් ක්‍ෂේත්‍රවලට වඩා සංකීර්ණයයි. ඒ තුළ විවිධාකාරයේ අය ඉන්නවා. වැඩිපුර ගැවසෙන්නේ පිරිමි. කාන්තාවන්ට වැඩිපුර ගනුදෙනු කරන්න වෙන්නේ පිරිමි එක්කයි. පෞද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න ඇති නොවන විදියට ඉන්න තමන් දැන ගන්න ඕනේ. එහෙම වුණොත් පෞද්ගලික ජීවිතයට ජනතාවගේ ආදරය ගෞරවයට ලබාගන්න බැරි නැහැ.

ශෂිකා ඇගේ පෞද්ගලික දිවියේ තොරතුරුද මෙහිදී සඳහන් කර තිබුණා.

මගේ සැමියා සුරංග මතඟවීර. කලින් රැකියාවක් කළා. දැන් ඒකෙන් ඉවත් වෙලා ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේ සියලුම කටයුතු වෙනුවෙන් මගේ ළඟම ඉන්න ඕන හින්දයි එයා රැකියාවෙන් ඉවත් වුණේ. ලොකු පුතා මිහින්. දැන් දෙක වසරේ ඉගෙන ගන්නවා. ‍පොඩි පුතා හිරුන්. මොන්ටිසෝරි යනවා. දෙදෙනාම සපුගස්කන්දේ යොෂිඩා ජාත්‍යන්තර පාස‍ලේ ඉගෙන ගන්නවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!