අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවමින් සිටියදී හලාවත පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
හදිසියේ ඇතිවූ අසනීප තත්වයකින් පසුව රෝහල් ගතකිරීමෙන් අනතුරුවයි මෙම ස්ථානාධිපතිවරයා මියගොස් ඇත්තේ.
ඔහු හලාවත කොරයා වත්තේ විසු තේමිය මෙන්ඩිස් නමැති 55 ඔහු එක්දරු පියෙක්.
මියයනවිට හලාවත පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසින් කටයුතු කළා.
ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ලකා පලායමින් සිටියදී සැකකරුවන් ලුහුබැඳගොස් වෙඩිතබා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හලාවත රථවාහන ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සමත්වූවා.
පසුව සැකකරුවන් හලවත පොලිසියට රැඟෙනවිත් ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේ එක්වරම පොලිස් ස්ථානාධිපතිවරයා සිහිසුන්ව ඇදවැටී තිබෙන බවයි වාර්තාවන්නේ.
මේ අවස්ථාවේ වීඩියෝවයි ඉහත දැක්වෙන්නේ.