මීට මාස දෙකකට ප්‍රථම කරීනා මවුපදවිය ලබාගත්තා කියලා බොලිවුඩය පුරා රැව්දුන් ආරංචියක් වුනා.
ඉතින් කරීනා කපූර් පසුගිය දවසක උත්සවයට සහභාගී වෙලා මාධ්‍යට කියලා තියෙන දෙයක් මේවෙනකොට බොහෝ දෙනාගේ කථාබහට ලක්වෙලා තියෙනවා.
හොඳ ස්වාමියෙකුගෙන් ලැබිය යුතු සහයෝගය තමන්ගේ ස්වාමියා වූ සයිෆ් අලි ඛාන්ගෙන් ලැබෙනවාදැයි මේ උත්සවයේදී මාධ්‍යවේදියෙක් අහලා තියෙනවා.
එවිට ඇය කියලා තියෙන්නේ තමන් ඉතා වාසනාවන්ත බවත් , පුතුගේ උපතින් පසුව දැන් ඔවුන් දෙදෙනාම වගකීමෙන් වැඩ කරනවා කියලයි.
