Gossip

රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය දැන් කියන කතාව

CVR

 

කා ගැනද රෝහිත මේ කියන්නේ?
සින්දුවේ වීඩියෝ එකේ ඉන්න කෙනා ගැනම තමයි ඉතින්… ඒ වගේම මේක ලංකාවේ ඉන්න සියලූ‍ම දෙනාටම සමීප විය හැකි පද පෙළක් තියෙන ගීතයක් කියලා මම හිතනවා.

ගීතයෙන් කියැවෙන යුවතිය ගැන දැන් නම් රහසක් නෙවෙයි නේද?
එයා ටටියානා… එයාව මං අවුරුදු අටක් තිස්සේ දන්නවා. ඇත්තටම එයා දුකේදීත් සැපේදීත් අපි එක්ක ඉන්නවා. එයා මට ලොකු හයියක් වුණා. එයා ගැන අපේ පවුලේත් ලොකු පැහැදීමක් තියෙනවා. මං මුලින්ම එයා එක්ක කතා කරද්දීත් එයා මං කවුද කියලා දැනන් උන්නේ නැහැ. එයා එතකොට ගොඩක් පොඩියි. ඒ වගේම අපි බලයේ හිටියත් නැතත් ඒ ගැන එයාට කවදාවත් ප‍්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ.

අවුරුදු ගාණක් තිස්සේ සීමිත පිරිසක් විතරක් දැනගෙන හිටපු ආදර කතාවක් ”‍ළං වී”‍ හරහා එළියට ආවා නේද?
ඔව්. අපේ පේ‍්‍රම සම්බන්ධයට දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මං එයාව මුලින්ම දැක්කේ නම් ජිම් එකේ සෙල්ලම් කර කර ඉද්දී. ටීවී එකේ එයාගේ කමර්ල්ෂල් එකක් විකාශය වුණා ඒක තමා එයාව මුලින්ම දැක්ක අවස්ථාව ඊට පස්සේ අවුරුදු 2ක් තිස්සේ හොයලා හොයලා තමයි හම්බ වුණේ.

ඊට පස්සේ ආයේ අවුරුදු දෙකක් විතර අපි හොඳ යාළුවෝ වගේ ආශ‍්‍රය කළා පස්සේ මං එයාට ආදරෙයි කිව්වත් එයා එක පාර කැමැති වුණේ නැහැ. කතා කළාට ආඩම්බරකම් පෙන්න පෙන්න හිටියා. හෙණ ගේමක් දීලා තමයි සෙට් කර ගත්තේ.

සින්දුවේ රූප රචනාවේ නම් කියැවෙන්නේ සංසාරේ පතාගෙන එන ආදරයක් ගැන. රෝහිතගේ ආදරයත් සංසාරේ පතාගෙන එන ආදරයක්ද?
එහෙම දෙයක් හිතාගෙන නෙවෙයි වෙනස් ආකාරයක මිනිස්සුන්ට වැලද ගන්න පුළුවන් විදියේ තේමාවක් යොදන්න හිතාගෙනයි ඒ වගේ කතන්දරයක් දැම්මේ… ඒත් මං පුනර්භවය විශ්වාස කරනවා. හැබැයි මගේ පෙම්වතියත් එහෙම පතාගෙන එන කෙනෙක් කියලා මට කවුරුත් කියලා නම් නැහැ.

කලින් විරහවෙන් පස්සේ ඇති වෙන ආදරය ගැන ගීතයක් කළා, ඊට පස්සේ ආදරයේ සුන්දරත්වය ගැන ගීතයක් කළා. ඊළඟ ගීතය විවාහයටද?
නැහැ. ඊළඟ සින්දුව කවුරුත් නොහිතන වෙනස් ආකාරයක එකක් වේවි. විවාහය ගැන නම් දැන්ම හිතන්නේ නැහැ. තව අවුරුදු 4ක් 5ක් යාවි. ඒක කාලයට භාර දීලා තියෙන්නේ.

ගායකයකුට නම් වෙනත් කෙනකුගේ පද රචනාවකට වුණත් ගායනා කළ හැකියි නේ. නමුත් පද රචකයකුට ගීතයක් රචනා කරන්න අත්දැකීමක් තිබිය යුතුයි කියලා රෝහිත හිතනවද?
ඇත්තම නැහැ. තමන්ට පෞද්ගලික අත්දැකීමක් තිබිය යුතු නැහැ. අවශ්‍ය වෙන්නේ හොඳ සිතිවිල්ල ඔස්සේ ලියන්න  ඕනි අවස්ථාවට යන්න පුළුවන් වීමත් ඒ තුළ මොහොතකට ජීවත් වෙන්න පුළුවන් වීමත් විතරයි. මං කරන්නෙ නම් එහෙම. මං මිනිත්තු පහකින් විතර මට අවශ්‍ය පසුබිම හදාගෙන ගිහින් ඉතුරු ටික ලියනවා.

”‍ළංවි”‍ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
මගේ පළමුවැනි ගීතයට වගේම මේ ගීතයටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ මීට කලින් කරලා නැති විදියේ විශේෂ කතාවක් තෝරාගෙන සිනමැටික් ලූ‍ක් එකක් දෙන්න අපි වීඩියෝ එක කරපු ටීම් එක ගොඩක් මහන්සි වුණා. සමහර දවස්වල පාන්දර 5.30 ඉඳන් රාත‍්‍රි 11.30ට විතර වෙනකම් වැඩ කරපු අවස්ථා තිබුණා. වීඩියෝ එකේ දවල් කාලේ වගේ පේන දර්ශන සමහර ඒවා ? කාලේ ෂූට් කළේම ඒ මහන්සියේ ප‍්‍රතිඵලය ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඇත්තටම.

රෝහිත සින්දු කියන්නේ පසන් ලියනගේ එක්ක විතරද?
ඇත්තටම මං පසන් අයියා එක්ක වැඩ කරන්න කැමැති. එයා එක්ක වැඩ කරන එක මට ලේසි නිසයි. අනික එයා ලංකාවේ ඉන්න දක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වගේම වෙන සංගීත අධ්‍යක්‍ෂවරු එක්කත් මං වැඩ කරනවා. එහෙම කරපු සින්දුවක් ළඟදි එන්න තියෙනවා.

රෝහිත දිගටම ගායකයෙක් විදියට ක්‍ෂේත‍්‍රයේ ඉදිරියට යනවද?
වෘත්තීමය විදියට නෙවෙයි. මං විනෝදාංශයක් විදිටයි සින්දු කරන්නේ… මං ළඟදි සින්දු කිහිපයක් කළා… ඒ අතරින් සජිත් වී චතුරංග ලියපු අතුල අධිකාරිගේ දුව කාවින්ද්‍යා අධිකාරි එක්ක ගායනා කරන ගීතයකුත් ළඟදි එන්න තියෙනවා.

ටටියානා සබන් ඇඞ් එක ජීවිතේ වෙනස් කරපු හැරවුම් ලක්‍ෂයක් වුණා නේද?
ඔව්. ඒ ඇඞ් එක කරද්දී මං ගොඩක් පොඩියි. මං එක්ක තව ගැහැනු ළමයින් 12 දෙනෙක් උන්නා. අපි ලංකාව වටේටම තියෙන තැන්වලට ගිහින් ඒ රූගත කිරීම් කළේ. ඒ වෙළෙඳ දැන්වීම අධ්‍යක්‍ෂණය කරේ ඉන්දියාවේ අධ්‍යක්‍ෂවරයෙක්.

මං හිතන්නේ ඒ අධ්‍යක්‍ෂණයේ තිබුණු ගුණාත්මකභාවය නිසා තමයි ඒක මතක හිටින වෙළෙඳ දැන්වීමක් වෙලා තියෙන්නේ තවමත් හැමෝටම. ඊට අමතරව තව වෙළෙඳ දැන්වීම් කීපයක් කරලා තියෙනවා. ඒ කළෙත් වෘත්තීමය දෙයක් විදියට නෙවෙයි. නිකම් විනෝදාංශයක් විදියට.නමුත් දිගින් දිගටම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්න නම් මං කැමැති නැහැ. මේ සින්දුවේ ගීතයේ රූප රචනාවට වුණත් මං පෙනී සිටියේ රෝහිතගේ ඉල්ලීම නිසයි.

රෝහිතගෙයි ටටියානාගෙයි ආදර කතාව දැන් රටට රහසක් නෙවෙයි, මතකද රෝහිතව මුලින්ම හම්බවුණු දවස?
ඔව්. ඇත්තටම මට එයාව අඳුන්නලා දුන්නේ අපි දෙන්නාගෙම යාළුවෙක්. එහෙම අඳුරගත්තත් මං එයා එක්ක වැඩිය කතා කළේ නැහැ ඒ දවස්වල. පස්සේ අවුරුද්දක් දෙකක් යද්දී අපි හොඳ යාළුවෝ වුණා. අපේ එදිනෙදා වෙන දේවල් ප‍්‍රශ්න ගැන කතා කරද්දී එයා මට ළඟම සහෝදරයෙක් වගේ වුණා. ඒත් මං කවදාවත් හිතුවේ නැහැ අපේ යාළුකම ආදර සම්බන්ධයකට පරිවර්තනය වෙයි කියලා. සමහර වෙලාවට එයා මාව එයාගේ පුංචි නංගි කියලා කට්ටිය අදුන්නලා දුන්න අවස්ථා තිබුණා.

අවුරුදු දෙකක් යාළුවෝ වගේ ඉඳලා ආදරෙයි කිව්වම ටටියානා මුලින්ම අකැමැති වුණා කියලා රෝහිත අපිට කිව්වා?
ඔව්. ඇත්තම අපි ඒ වෙලාවේ ෆෝන්වලින් කතා කර කර හිටියේ. එයා එක පාර මට කැමැතියි කිව්වම මට මොනවද හිතන්න  ඕනි කියලවත් හිතාගන්න බැරි වුණා. මං කොච්චර බය වුණාද කියලා කියනවා නම් ඇඳේ දිගා වෙලා උන්නු මං එක පාර ෆෝන් එකත් ඔෆ් කරලා ඇද උඩ ඉඳගත්තා. ඒ වෙලාවේ මට ඒක ලොකු කම්පනයක් වගේ වුණා.

ඒ වගේම රෝහිතට ආදරේ කරන්නටත් ටටියානාට විශේෂ හේතුවක් තියෙන්න ඇති නේද?
ඔව්. එයා අනිත් පිරිමි ළමයින් වගේ හරිම සාමාන්‍ය කෙනෙක් වගේ හැසිරුණේ. ඉතින් මට එයාව දැනුණෙත් සාමාන්‍ය කෙනෙක් වගේ. ඒ වගේම එයා ගොඩක් අවංකයි. එයාට බොරු කියන්න බැහැ.
1 2 3 4 5 6 7 8 9 10 11
අරුණි කළුපහන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!