ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ 17 හැවිරිදි පාසැල් සිසුවා වෙබ් අඩවි හැක් කිරීම පිළිබඳව දැනුවත් වී ඇත්තේ තවත් ෆේස්බුක් පිටුවකින් බව සමාජ ජාල ඔස්සේ වාර්තා පළ කරනවා.
මෙම ෆේස්බුක් පිටුව යකඩයා ෆෝරම් නමින් හැදින්වෙන බව වාර්තා වෙනවා.
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මොරටුවේ ජනිත් මධුෂංක නැමැත්තා විසින් මෙම ෆේස්බුක් පිටුව පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති බව සමාජ ජාල ඔස්සේ වාර්තා වෙනවා.
යකඩයා ෆෝරම් නමින් ඇති ෆේස්බුක් පිටුව පහතින් නැරඹිය හැකියි.