කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ දියණිය වන Sheikha Salwa කුමරිය බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇයගේ ලන්ඩන් නුවර පහිටි නිවසක පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් සමඟ ලිංගික සංසර්ගයේ යෙදී සිටියදීයි. මේ බව වාර්තා කරන්නේ එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි විසිනුයි.
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණ වලින් අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැව්කරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් යුතු සහ සමූහ සංසර්ගය පිලිබඳව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.
පොලිසිය විසින් ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා නීති විරෝධී කිසිදු කටයුත්තක නිරත නොවූ බවය.
තමා ගණිකා වෘත්තියේ යෙදුනා නොවන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් එය බ්‍රිතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.
පිරිමින් ගණිකා සේවනයේ යොදවා ගැනීම එරට නීතියට පටහැනි බව පොලීසිය පෙන්වාදී ඇති අතර, කුමරිය සතුව රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබීම හේතුවෙන් මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ කටාර් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයට නොයැවීමට තානාපති නිලධාරීන් බලවත් උත්සාහයක යෙදී තිබෙනවා.