මතකනේ ඇමතිවරුන්ට වාහන ගෙන්නන හදනවා කියලා පහුගිය ටිකේ කතා වුණා. ඒක නිකං කතාවක් නෙමේනේ. . ඇත්තටම ඔන්න එයාලට වාහන ගෙනල්ලා . ජපානේ ඉඳලා එයාලගේ වාහන ලංකාවට ගොඩ බාලා කියලා මේ වන විට සමාජ ජාල ඔස්සේ ඡායාරූප පැතිරී යනවා.
දැන් ඉතිං දෙයියනේ කියලා ඇමතිවරුන්ට සැප වාහනවල සැපට යන්න පුළුවන්.
රජය කියන විදියට අපි ගෙවන්නේ අමාරු කාලයක් නම් මිනිස්සුන්ට එකෙන් දුකක් විදින්න වෙනවා නම් ඇමතිවරු ඇයි අලුත් වාහන. එයාලට පුළුවන්නේ ඒ වාහන ගන්න වෙන්කරපු සල්ලි මේ ණය බර නිදහස් කරගන්න ආයෝජනය කරන්න. අමාරු කාලය නිසා එයාලට බැරිද තියෙන වාහන වලින් එහෙට මෙහෙට යන්න. මිනිස්සු තියෙන මුදල් වලින් ජීවිතය ගැට ගහ ගන්නවා නම් ඇයි ඇමතිවරුන්ට බැරි තියෙන විදියට වාහන වලින් වැඩ ටික කරගන්න.
අනිත් එක දේශපාලනය කරන්නේ රටට සේවයක් කරන්න කියලනේ ගොඩක් දේශපාලඥයින් කියන්නේ. එහෙම කියනවා නම් ඇයි මේ තරම් ලොකු මුදලක් ලබා දීලා සැපා වාහන වල යන්න දගලන්නේ. රට ගොඩ ගන්න නම් මුලින්ම කැප කිරීම් කරන්න ඕන දේශපාලඥයින්. නමුත් අපේ රට හරි වෙනස්.
w
