පසුගිය ජූලි 1වනදා සහ ජූලි 7 වනදා එල්ල වූ අයි.එස් ත්රස්ත ප්රහාර හේතුවෙන් බංග්ලාදේශයේ සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
facebook,twitter,whats app, moji, snap chat ඇතුළු සියලුම සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් පෙන්වා දෙන්නේ facebook,twitter,whats app වැනි සමාජ වෙබ් අඩවි හරහා අයි.එස් ත්රස්තයින් වැඩි පිරිසක් නිර්මාණය වන බවයි.
මේ හේතුවෙන් අදාල තීරණය ගත් බවයි එරට රජය පවසන්නේ. මේ අතර පසුගියදා එරටට එල්ලවූ අයි.එස් ප්රහාර සිදුකල ත්රස්තයින් facebook හරහා සිය ත්රස්ත වැඩපිළිවෙල දියත් කල බවට තොරතුරු අනාවරණය කර ගත්තා.
