ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර ලොව හොදම ක්‍රිකට් කණ්ඩායම නම් කරලා තියෙනවා. ඒ කණ්ඩායමේ නායකත්වයට සංගක්කාර තෝරාගෙන තියෙන්නේ හිටපු සුපිරි පිතිකරුවෙකු වමෙ නායකයෙකු වන අරවින්ද ද සිල්වායි.
මෙහි අනෙක් ක්‍රීඩකයින් වන්නේ….
මැතිව් හේඩන්
රාහුල් ඩ්‍රාවිඩ්
බ්‍රයන් ලාරා
රිකී පොන්ටින්
අරවින්ද ද සිල්වා (නායක)
ජැක් කාලිස්
ඇඩම් ගිල්ක්‍රිස්ට් (කඩුළු රකින්නා)
ෂේන් වෝන්
මුත්තයියා මුරලිදරන්
වෂීම් අක්රම්
චමින්ද වාස්
මේ අය අතරේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හතරදෙනෙකු සිටීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්. ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් , දකුණු අප්‍රිකාවෙන් හා බටහිර ඉන්දීය කොදෙව්වෙන් එක් ක්‍රීඩකයෙක් බැගින් ද සංගක්කාර නම් කර තිබෙනවා.
සංගාක්කාර නම් කළ මෙම කණ්ඩායමට නවසීලන්තයෙන් ක්‍රීඩකයෙක් නම් නොකර තිබීම විශේෂත්වයක්