Gossip

අවුරුදු 32 ක් වුණු සඳුනි මෙහෙනින් වහන්සේ නමක් ලෙස ශාසනයට ඇතුළත් වූ කතාව

cvr

මේ සසර දුක තේරුම් ගෙන පැවදි දිවියට ඇතුලත් වුණු මෙහෙණින් වහන්සේ කෙනෙක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. ඒ මෙහෙනින් වහන්සේගේ පැවදි නම ආශ‍්‍රමවාසී භික්කුනී ඛේමා.

මීට මාස දෙකකට කළින් රූමත් තරුණියක් විදිහට ජීවිතේ ගෙන ගිය ඇය රේඛා සඳුනි අරන්ගල . පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණු සඳුනි මීට අවුරුදු 3 කට විතර කළින් විවාහ ජීවිතයට ඇතුල් වෙලා.

ඒත් ජීවිතේ අනිත්‍ය තේරුම් ගත්තු රේඛා සඳුනිගේ ස්වාමිපුරුෂයා ජීවිතේ හරි පාර තේරුම්ගනිමින් ශාසනය වෙනුවෙන් ජීවිතය කැපකරමින් පැවදි බිමට ඇතුල් වන්නේ සිරි සදහම් ආශ‍්‍රමයේදීම ධම්ම  ඕග හිමියන් ලෙසින්.

පුංචි කාලයේ සිට ශාසනය කෙරෙහි තිබූ නැඹුරු බවත් නිවැරදි බෞද්ධ දර්ශනයත් තේරුම් ගත් අවුරුදු 32 ක් වුණු සඳුනි පසුගිය මැයි පළමු වැනිදා තම ස්වාමියා ගමන් කළ නිවැරදි මාවතේ ගමන් අරඹන්නේ මෙහෙනින් වහන්සේ නමක් ලෙස ශාසනයට ඇතුලත් වෙමින්. ඒ දෙහිවල සිරි සදහම් ආශ‍්‍රමයේදී.

එහි තවත් විශේෂත්වයක් වන්නේ පුංචි කාලයේ සිට තම හොඳම මිතුරිය වූ ශාමලී දීප්තිකාද ආශ‍්‍රමවාසී භික්කුනී සුසිලා මෙහෙනින් වහන්සේ නමින් පැවදි බිමට එක්වීම.

ජීවිතය නිෂ්ඵල බවත් දුක හා අනිත්‍ය බවත් අවබෝධ කරගනිමින් ශාසනික මෙහෙවරක් ඉටුකරන්නේ සමාජය තුල සිතන්නට යමක් ඉතිරි කරමින්.

ජීවිතේ අපි තියාගන්න බලාපොරොත්තු එක පාරටම කඩාවැටුණොත් ඒකට මුහුණ දෙන්න හුගක් වෙලාවට අමාරුයි. ඒ වගේම මිනිස්සුන්ට ඒ තරම් හයියක් ශක්තියක් නැහැ.

ඒ නිසාමයි අද හුගක් අහන්න දකින්න ලැබෙන ජීවිත නැතිකරගැනීමේ සිද්ධි පවා වාර්තා වෙන්නේ. සමහරු පන්සල් ගිහින් හිතහදාගන්නවා.. තවත් සමහරු මත්පැනින් හිත හදාගන්නවා.. තවත් අය සියදිවි නසාගන්නවා. එක එක මිනිසුන් දුක්, ප‍්‍රශ්න, කරදර බාරගන්න විදිහ වෙනස්.

මෙන්න මේ දේට පිළිතුරු සොයා යන මිනිසුන් අතරේ හරි තීරණයක් ගත්ත උතුම් කෙනෙක් විදිහට අපිට මේ මෙහෙනින් වහන්සේ දෙනම හදුන්වන්න දෙපාරක් හිතන්න  ඕනේ නෑ.

මෙහෙනින් වහන්සේ නමක් විදිහට ශාසනයට ඇතුල් වෙන්න හේතුව ගැන ඇහුවාම ආශ‍්‍රමවාසී භික්කුණී ඛේමා මෙහෙනින් වහන්සේ කිව්වේ මේ වගේ කතාවක්.

”‍ මගේ අම්මා ගුරුවරියක්.. පවුලේ ඉන්නේ අයියයි, අක්කයි, අම්මයි, තාත්තයි. පොඩි කාලේ ඉඳලම මම ආගමට ලොකු නැඹුරුවක් තිබ්බා.. නිවන් මග වඩනවා.. බැදීම් පසුපස හඹා යෑමක් නැහැ දැන්.. බැදීම් එක්ක ජීවිතේ ගත කරන්නනම් පැවදි වෙලා බෑනේ.. ඉතිං ඒ හැමදෙයක්ම දුරස් කරලා තමයි මෙහෙනින් වහන්සේ කෙනෙක් විදිහට පැවදි වුණේ. පැවදි වෙන්න කැමැත්තක් තිබ්බා.. මම ආසා කළේ නිදහසේ ජීවත් වෙන්න.. හිරවෙලා එකතැනකට කොටුවෙලා ඉන්න මම කැමති නැහැ. මම අවුරුදු 6 ක් දේශනා ඇහුවා.. මේ හැමදේම එක්ක මම පසුගිය මැයි පළවැනිදා මහණ වුණා. ඒ මගේ හොඳම යාළුවත් එක්ක. දැන් මම දෙහිවල සිරි සිරි සදහම් ආශ‍්‍රමයේ වැඩ වාසය කරනවා. ”‍

 

1 2 3 4 5 6 7 8 9 10 11

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!