මම බලද්දි පුතාගේ අතේ කෑල්ලක් නෑ, බුදු තාත්තේ මාව මෙතැනින් අරන් යන්න කියලා
දන ගහලා වැන්දා
අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගී තරුණයෙක් අතුරුදන්ව ඇති බව ඔහුගේ මව්පියන් පවසනවා. ඔවුන් චෝදනා කළේ රෝහල් කාර්යමණ්ඩලයේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව තම දරුවා රෝහලින් පළා යන්නට ඇති බවයි.
හික්කඩුව – කළුපේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ලක්ෂිත බන්දුල වික්‍රමසිංහ නැමැති තරුණයා මානසික ආබාධයක් හේතුවෙන් පසුගිය 13 වැනිදා අංගොඩ මානසික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නේවාසික ප්‍රතිකාර ලැබූ ඔහු මව්පියන්ට පවසා ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නිතර තමන්ට හිරිහැර සිදුවන බවයි.
මට මෙතන ඉන්න බෑ අම්මේ, මේ ගොල්ලෝ ගහනවා, මට ඇති ලෙඩක් නෑ අම්මේ, මෙයාලා ඇඳේ දාලා මාව බඳිනවා
ඔහු මෙලෙස පවසා ඇත්තේ ඇයගේ මවටයි.. මව පවසා සිටියේ තම දරුවාගේ අත ඇයට පෙන්වූ බවත් එහි කෑලී නොමැති බව තමන් දුටු බවත්ය.