මෙම වසරේ ජූලි 17වැනිදා ඇමෙරිකාවේ ක්ලීව්ලන්ඩ්හිදී නිර්මාණය වීමට නියමිත විශේෂ ඡායාරූප සටහනක් සඳහා ඡායාරූප ශිල්පී ස්පෙන්සර් ටියුනික් නිර්භීත කාන්තාවන් 100දෙනෙකුට ආරාධනා කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ එම කාන්තාවන්ට නිරුවතින් එම ඡායාරූපය සඳහා පෙනී සිටීමට සිදුවන බව දැනුම් දී තිබීමයි.
ටියුනික් මෙම කටයුත්තට ආධුනිකයෙකු නොවන අතර ඔහු නිරුවත් මිනිසුන් විශාල පිරිසක් යොදාගනිමින් නිර්මාණ කිරීම ආරම්භ කර ඇත්තේ 1990 දශකයේ සිටයි.
මේ වනවිට ඔහු එවැනි නිර්මාණ 70කට අධික ප්රමාණයක් සිදුකර තිබේ.
මේ වසරේ නිර්මාණයේදී කාන්තාවන් විශාල කණ්නාඩි ඔසවාගෙන සිටීම හරහා ප්රගතිශීලී කාන්තාවන්ගේ දැනුම සහ බුද්ධියත් මිහිකත යන සංකල්පයත් ප්රතිබිම්බනය කිරීමට ටියුනික් බලාපොරොත්තු වෙයි.
කාන්තාව යනු පරිසරය, ඉර, අහස සහ භුමිය යන මේ සියල්ලේම ප්රතිමූර්තියක් බව ඒ හරහා ප්රතිබිම්බනය කිරීමට ටියුනික් උත්සාහ දරයි.
මෙම නිර්මාණය ඔයුගේ දියණියන් සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් බවත්, වෛරයෙන් පිරුණු සමාජයක් තුළ ඔවුන්ට උස්මහත් වීමට සිදුනොවීම උදෙසා බවත්, හිංසනයෙන් තොර, අවස්ථා බහුල ලෝකයක් තුළ ඔවුන්ට උස්මහත් වීමට අවස්ථාව උදාවීම වෙනුවෙන් බවත් ඔහු පවසයි.