සංචාරක විසා මත දිවයිනට පැමිණි ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ පිළිගත් ලෝකප්‍රකට ශාස්ත්රකරුවන් හා පුජකවරුන් බව පවසමින් මුදල් ගැරිමේ ජාවාරමක් වතුකරයේ පුරා ජයටම මේ දිනවල සිදුකර ගෙන යමින් පවතියි.
මිට ප්පෙරද මෙවැනි අකාරයට ඉන්දියාවෙන් පැමිණි පුජකවරුන් යැයි කියා ගන්නා පිරිසක් ශාස්ත්‍ර ඇසිමට යන අයට විවිධ අපල උපද්‍රව ඇති බවට බියගන්වා එයට පිහිටවන බව පවසා පුජාවන් පැවැත්විමට රැපියල් 5000 සිට විවිධ අයුරින් මුදල් අයකර ඔහුන්ගේ සේවය ලබා ගැනිමට පැමිණි අය මුලාකර පලාගොස් ඇති බවට පොලිසි වලට පැමිණීලිද ලැබි තිබුණි.
එවැනි ව්‍යාජ ශාස්ත්රකරුවන් කිහිපදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පරිකෂා කිරීමේදි ඔහුන් විසා කල් ඉකුත්වි රහසිගතව මෙරට රැදිසිටිම නිසා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුන්ව නැවතත් මෙරටින් පිටුවහල් කර තිබෙනවා.
නැවතත් එවැනිම කණ්ඩායමක් වතුකරයේ ප්‍රධාන නගර වලට පැමිණ පුවත් පත් මාර්ගයෙන් සහ අත්පත්‍රිකා ඛෙදාහරිමින් නාමරාසි, අඹුසැමි ආරවුල්, රැකියා ව්‍යාපාර ප්‍රශ්න, යකෂ ගැටලූ ප්‍රශ්න, දරුවන් නොමැතිකම, ළමුන්ගේ ඉගෙනීමේ ප්‍රශ්න, නඩුහබ, ආලය බිදවැටිමි, යන්ත්රමන්ත්ර, දික්කසාද ආදිය සදහා පුජාවන් මගින් විසදුමි ලබා දෙන බව පවසා එම අත්පත්‍රිකා ඛෙදාහැර ඔහුන් සිටින ස්ථානයට පිරිස් ගෙන්වා ගනු ලබනු අතර ප්‍රදේශයේ කුලියට ගත් නිවසක මෙම ජාවාරම සිදුකරගෙන යන අතර මුලින්ම ශාස්ත්‍ර ඇසිමට රැපියල් 200 මුදලක් අය කර උපන්දිනය අසා ඔහු සතුව තිබෙන ජංගම දුරකථනයේ ගබඩා කර පරිඝණක දත්ත මගින් ඒ පිළිබදව තොරතුරු පවසා අපල ඇති බවට විශාල බියක් ඇතිකර එම අපල දුරු කිරිමට කඩිනමින් පුජාවක් පැවැත්විය යුතු බව පවසා මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
දිනකට මොහුට මුලා වූ විශාල පිරිසක් ඔහුගේ සේවය ලබා ගැනිමට පැමිණෙන අතර මොහු සෑම අවස්ථාවකම සිටින්නේ සැකෙන් සහ බියෙන් බවයි වාර්තා වේ.
පුජාව අද දිනම පැවැත්විම සදහා රැපියල් පන්දහසක මුදලක් ඉල්ලා සිටින මෙම පුජකවරුන් එම පුජාව පවත්වා මාස හයකට පසු තමන්ට දේව ආශිර්වාද ලැඛෙන බවයි එම පුජකයා ඔහුගේ සේවය ලබා ගන්නා අයට පවසා සිටින්නේ.
උපුටා ගැනීමකි