කැනඩාවේ ෆොර්ට් මැක්මරේ හි ලැව් ගින්නක් හේතුවෙන් නගරයේ පදිංචි සියලුම ජනතාව ඉවත්කර තිබෙන බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා .
ගෑස් මධ්‍යස්ථානයක්, හෝටලයක් සහ ජංගම නිවාස උද්‍යානයක් ඇල්බර්ටා නගරයේ දී ගින්නෙන් විනාශයට පත් ගොඩනැගිලි අතර වෙයි.
අසූ දහසක් වූ ජනතාවට නගරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇත්තේ ගිනිදැල් නගරය දෙසට ඇදෙමින් පවතින හෙයින්.
නගරයෙන් පිටත මහාමාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින අතර බොහෝ දෙනා උතුරු දෙසට හඹා යාම ආරඹා ඇත්තේ ගිනිදළු හේතුවෙන් දකුණු දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය වන අංක 93 දරණ අධිවේගී මාර්ගය වසා දැමූ හෙයිනි.
කෙසේවුවද මේ දක්වා තුවාල කරුවන් කිසිවෙකු වාර්තා වී නැත.
මෙය මෙම පළාතේ සිදු වූ විශාලතම ජනතා ඉවත්කිරීම මෙය වන බවයි ඇල්බර්ටා නගරාධිපතිවරිය වන රැචෙල් නොට්ලි පවසයි.
ප්‍රමුඛතාවය දී ඇත්තේ සියලුදෙනාගේ ආරක්ෂාව පිළිබඳව සහ තවාකාලික රැඳවුම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය තරම් ඉඩකඩ සොයාගැනීම බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ගිනි නිවන භටයන් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර ප්‍රාදේශීය බලධාරීන් ඉල්ලා ඇත්තේ ජලය ඉසීමේ හෙලිකොප්ටර යානා වැනි පහසුකම් ලබා දෙන ලෙසයි.