Gossip

කුවෙට් ගිය කතගේ මළ සිරුර අවුරුදු 22ට පසු ලංකාවට එයි

cover

 

ක්වේට් රටේ රැුකියාවක් සදහා ගොස් සිටියදී වසර 22 ක් තුළ කිසිදු තොරතුරක් නොමැතිව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ ඇයගේ නිවසට ගුවන් මගින් එවා තිබේ.

මෙසේ මළ සිරුර එවා ඇත්තේ ආණමඩුව – මහඋස්වැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි මේරි පැට‍්‍රීෂියා ප‍්‍රනාන්දු නම් 62 හැවිරිදි එක්දරු මවකි.

අදාළ කාන්තාව 1992 වසරේ දී විදේශ ගතවී ඇත්තේ ක්වේට් රාජ්‍යටය.

තමන් ක්වේට්හි රියාද් නගරයේ සේවය කරන බව ඇය තම ස්වාමි පුරුෂයාට සහ එකම දියණියට ලිපියක් එවමින් පවසා තිබෙන නමුත් විදෙස් ගතවී සිටි වසර 22 ක කාලය තුල ඇය මෙරටට එවා ඇත්තේ ලිපි දෙකක් පමණි.

ඒ අතරතුර ඇයගේ ස්වාමි පුරුෂයා මිය ගොස් ඇති අතර එකම දියණිය වයස අවුරුදු 19 දී විවාහයක් කර ගෙන තිබේ.

තම මව සම්බන්ධයෙන් සොයා බලන්නට විදේශ සේවා නියුක්ති කාර්යංශයට අවස්ථා කීපයකදීම ගිය නමුත් කිසිදු පිළිතුරක් නොලැබුණු බව දියණිය පවසයි.

නමුත් නවගත්තේගම පොලීසිය හරහා ඔවුන්ට ලැබී ඇති පණිවිඩයකින් ප‍්‍රකාශකොට ඇත්තේ පසුගිය ජනවාරි මස 25 වැනිදා මේරි පැට‍්‍රීෂියා මහත්මිය සෞදි අරාබියේදී මිය ගොස් ඇති බවත් ඇයගේ සිරුර මෙම මස 29 වැනිදා දිවයිනට ගෙනෙන බවත් ය.

තම මව මිය ගොස් ඇත්තේ හෘදයාබාධයක් වැළදීමෙන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටියත් සෞදි අරාබියෙන් එවා ඇති ලිපි ලේඛණ වලට අනුව ඇය මිය ගොස් ඇත්තේ හදිසි අනතුරකින් බව දියණිය සඳහන් කරයි.

කෙසේවෙතත් ක්වේට් රටට ගිය තම මව සෞදි අරාබියට ගියේ කෙසේද? ඇය කව්රුන් යටතේ සේවය කලාද ?, සේවය කළ කාලයට ඇයට හිමි වැටුපට සිදුවී ඇත්තේ කුමක් ද යන්න ගැටළුවක් බව දියණිය කියා සිටී.

k1 k2 k3 k4 k5 k6 k7

ජූඞ් සමන්ත – පුත්තලම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!