ජනප්‍රිය ගායිකා මැඩෝනා මෑතකදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති සංගීත ප්‍රසංගයකදී අධික ලෙස මත්පැන් බී රංගනයන් සහ ගීත ඉදිරිපත් කළැයි වාර්තා පළ වෙනවා.
මේ පිළිබඳව චෝදනා කරන්නන් පවසන්නේ සීමාව ඉක්මවා මත්පැන් පානය කළ මැඩෝනා, ඉතාමත් අශ්ලීල අයුරින් වේදිකාවේ හැසිරුණු බවයි.
මෙයට ප්‍රතිචාර දක්වන මේ සුපිරි ගායිකාව පවසන්නේ ඇතැම් අය රංගනය යනු කුමක්දැයි හරිහැටි වටහා නොගෙන මේ අයුරින් චෝදනා නඟන බවයි.
“මට සහයෝගය දුන්නාට ස්තුතියි. සමහරු දන්නේ නැහැ, රංගන කලාව මොකක්ද, චරිත නිරූපණය මොකක්ද කියලා. මම කවදාවත් මගේ ප්‍රසංගවලදී මත්වෙලා හිටියෙ නැහැ.” මැඩෝනා එලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙන්.
සුපිරි ගායිකා මැඩෝනාගේ ගීත කිහිපයක් පහතින්
