Brussels ප්‍රහාරයෙන් අනතුරුව අයි.එස්. සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වෙන්නේ තමන්ට එරෙහිව සටන් කරන සෑම රටකටම ඉදිරියේදී පහර දෙන බවයි.
එම නිවේදනයේ සඳහන් වෙන්නේ ඉදිරියේදී අඳුරු දිනයක් උදාවන බව ද එවිට දරුණු විපාකවලට මුහුණදීමට සිදුවන බවයි.
මෙම සංවිධානය සටන්කරුවන් 400ක් යුරෝපයේ මර්මස්ථානවලට පහරදීම සඳහා මේ වනවිට පුහුණු කර සුදානම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.