හොලිවුඩ්

නිදන කාමරයේ වීඩියෝවලින් ගොඩ ගිය සූරූපී කෙල්ල!

Singh

2015 වසර සඳහා ලොව වඩාත් වැඩිම අදායමක් ලබන අන්තර්ජාල යු ටියුබ් තරු අතරට ලිලී සිං ගේ නම ද එකතු වී තිබේ.

බීබීසී ‘ඒසියන් නෙට්වර්ක්’ හි හරූන් රෂීඩ් වාර්තා කරන ආකාරයට කැනඩාවේ ටොරොන්ටෝ වල පදිංචි වයස 27ක් වන ලිලී සිං ‘සුපර් වුමන්’ නමින් තමන්ගේම යුටියුබ් චැනලයක් පවත්වාගෙන යන ඉන්දියානු සම්භවයක් ඇති තරුණියකි.
මිලියන දෙක හමාරක්

මිලියන දොළහක රසිකයන් පිරිසක් සිටින ඇයගේ යු ටියුබ් වීඩියෝ සමාජ වෙබ් අඩවි දෙක තුළින් පමණක් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 2. 5 ක මුදලක් උපයා ගැනීමට ඇය සමත් වුවාය.

A Trip To Unicorn Island නමැති චිත්‍රපටය යු ට්යුබ් රෙඩ් නමැති අන්තර්ජාල අඩවිය තුළින් දැක ගත හැකිවන අතර ඇගේ නිර්මාණකරණයේ පසුබිම පිළිබඳවද ආකාරයෙන්ම යු ටියුබ් තුලින් දැක ගැනීමට හැකියාව ඇත. තමන්ගේ යු ටියුබ් චැනලයට දිනපතා වීඩියෝ එකතු කළත් එය පහසු කාර්යයක් නොවන බවයි ඇය පවසන්නේ.

ඇය තම නිදන කාමරයේ සිට තමන්ගේ මානසික ආතතිය නිවා ගැනීම සඳහා නිර්මාණය කළ වීඩියෝ සඳහා ලෝකය පුරා අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින අතර ඒ ප්‍රේක්ෂකයන් සතියකට දෙවතාවක් ඇගේ යු ටියුබ් අඩවියට පිවිසී ඇය අලුතෙන් යමක් එකතුකර ඇත්දැයි බැලීමට අමතක නොකරති.
‘සුපර් වුමන්’

2010 වසරේ ආරම්භයේ දී ඩිජිටල් නිර්මාණකරණයට පිවිසි ලිලී ගේ මුල් වීඩියෝ නිර්මාණ වල අන්තර්ගතය වූයේ ඇගේ ඉන්දීය සම්භවය හා ඒ ආශ්‍රිත උරුමය ගැනයි.

2013 වසර වෙද්දී ‘සුපර් වුමන්’ වීඩියෝ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව පුරා සිටින දකුණු ආසියානු තරුණ ගැහැණු ළමුන් අතර හොඳ ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණි. ලෝකය පුරා විවිධ උත්සව වලදී ජනතාව ඉදිරියට එන්නත් ඇය අමතක නොකළාය. ලන්ඩන් මේලා වැනි අංග වලට ඇය පැමිණියේ එහෙයිණි.
සීමා ඉක්මවා

ඇගේ වීඩියෝ වලට මිලියන ගණනින් ප්‍රේක්ෂකයන් ඇතිවෙද්දී එක් සංස්කෘතියකට හෝ එක් ජාතියකට සීමා නොවුණු අන්තර්ගතයන් තමන්ගේ වීඩියෝ වලට එකතු කිරීමට ඇය තීරණය කළාය.

තමන් විසින්ම භාර ගෙන තිබෙන අභියෝගය අනුව ලිලී දැන් සිනමාව හා රූපවාහිනිය ටත් අවතීර්ණ වී සිටින්නීය. ඇය දැනටමත් මිලා කුනිස් ගේ ‘Bad Moms’ (‘නරක අම්මලා’) නමැති හාස්‍යෝත්පාදක වැඩසටහනේ චරිතයකට තෝරා ගෙන තිබේ.

ඇතැමුන් සිතන්නේහොලිවුඩ් හි ජනප්‍රිය වුව හොත් ලිලී යු ටියුබ් අමතක කරනු ඇති බවයි. එහෙත් ලිලී පවසන්නේ ඇය හැමදාමත් යු ටියුබ් වීඩියෝ සඳහා මුලිකත්වය දීමට බලාපොරොත්තු වන බවයි.

 

බීබීසී ඇසුරෙනි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!