ඡායාරූප දැකපු ගමන් සුන්දර යුවළ ක් කියලා හිතුනත් මේ දෙදෙනා උපතින්ම කාන්තාවක් හෝ පිරිමියෙක් නොවන බව ඔබ විශ්වාස නොකරන බව සහතිකයි.
සැබවින්ම ඔවුන් දෙදෙනා පසුකාලීනව ලිංග විපර්යාසයකට ලක්වූ දෙදෙනෙක්.
කේටි හිල් ඉපදුනේ පිරිමි දරුවෙකු විදිහට. ඉතිං එයාගේ දෙමව්පියන් එයාට දාපු නම තමයි ‘ලුක් හිල්’ කියන නම. අවුරුදු හතේ ඉදන් එයාගේ ශරීරයේ ස්ත්රී ලක්ෂණ පහල වෙන්න ගත්තම ලුක්ට මේ වෙනදේ හිතාගන්න බැරි උනා. ඒ නිසාම එයා සියදිවි නසාගන්නත් හිතපු අවස්ථා තිබුනලු.
ඇරින් ඇන්ඩෲස්ට දැන් වයස අවුරුදු 17 යි. ඔහු ඉපදුනේ ගැහැණු දරුවෙක් විදිහට. ඉපදෙනකොට ඇයට දැමූ නම ‘එමරල්ඩ්’. ඇය කුඩා කල බැලේ නර්තනයන්ට ඉතාමත් ප්රසිද්ධයි. ඊට අමතරව රූපසුන්දරියන් තොරන තරඟවලින්ද ඇය ජයග්රහනය කොට තිබෙනවා.
කේටි හා ඇරන් මුණ ගැසුනේ මීට අවුරුදු දෙකකට පමණ පෙරයි. ඒ ලිංග විපර්යාසයන්ට ලක්වූවන්ගේ සංගමයක් හරහායි. එහිදී ඔවුන් තමන්ට උන දේ හැමෝමත් එක්ක බෙදා ගත්තා. කැතී පූර්ණ වශයෙන් ලිංගවිපර්යාසයට අදාල සැත්කම ඇමරිකානු ඩොලර් 35,000ක මුදලක් ගෙවා කරගනු ලැබූවෙ ඇයගේ කතාව පුවත්පතින් කියවා විවිධ පුද්ගලයින්ගෙන් ලැබුන ආධාරද සමගයි. නමුත් ඇරින් තවමත් ඔහුගේ සැත්කම කිරීමට මගබලාගෙන සිටිනවා.