පසුගිය දින වල සමාඡ ඡාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ මරාදමන ලද උකුස්සාගේ සිද්දියට අදාළ සැකකරුවන් දෙදෙනකු ඊයේ(09) හබරාදූව පොලීසිය විසින් හබරාදූව බබගල පාලම අසලදී අත්අඩංගුවට ගනු ලැබුණි.
ඔවුන් අද දින ගාල්ල අතිරේක මහේස්තාත් කේසර සමරදිවාකර මහතාට ඉදිරිපත් කීරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට මහේස්ත්රාත් වරයා නියෝග කළ බව සඳහන්ය.
තවද සැකකරුවන් අධිකරනයට රැගෙන එන අවස්ථාවේ පරුස වචනයෙන් බැණ වැද තර්ඡනය කළ ඇති බව වාර්තාවෙයි.
සැකකරැවන් අකුරැස්ස පාර නුගදූව සහ ගෙදරවත්ත යන ප්රදේශවල පදිංචි 40 වන වයස්වල දෙදෙනෙකි .
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සහ සිද්ධියට අදාළ උකුස්සාගේ හිස කොටස සහ පිහාටු එම ස්ථානයේ තිබී හමු වී ඇත.
එම ඡායාරූප පහතින් නරඹන්න.
