තවත් ගූගල් බැලූනයක් ගුවන් ගත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පවසයි.
ඔහු පවසන්නේ තවත් බැලූන කිහිපයක් ගූගල් සමාගම මගින් දැනටමත් ශ්‍රී ලංකාව වෙත යොමු කර ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාවට අධීවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා අත්හදාබැලීමට ස්ථාපිත කෙරුණු ගූගල් බැලූනයක් ගම්පොළ ප්‍රදේශයට කඩා වැටුණු බව වාර්තා වුණා.
කෙසේ වෙතත් අදාළ ගූගල් බැලුනය සාර්ථකව ගොඩබැස්වූ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම බැලූනය කඩාවැටීමක් සිදුව නොමැති බවයි.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)