අලුත්ම රොකට්ටුවක් අජටාකාශගාමීන් කණ්ඩායමක් රැගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.
සොයුස් ලෙස නම් කර ඇති එම රොකට් යානය අභ්‍යවකාශ ගත වූයේ කසකස්ථානයේ පිහිටි අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක සිට බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය ජාතික ටිම් පීක්, රුසියානු ජාතික යූරි මලෙන්චෙන්කෝ, හා අමෙරිකානු ජාතික ටිම් කෝප්රා සහ යන ගගනගාමීන් තුන්දෙනා මෙලෙස එම රොකට් යානයෙන් ගොස් ඇති අතර ඔවුන් තිදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස 6ක් රැඳී සිටින බව පැවසෙනවා.
මේ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිල අනුග්‍රහය යටතේ අභ්‍යවකාශය බලා පියාසර කළ පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙස ටිම් පීක් ඉතිහාසයට එක්වන බව ද වාර්තා වනවා.
නවතම පර්යේෂණ කටයුත්තක් සඳහා ඔවුන් මෙලෙස පිටත්ව ගොස් ඇති බව ද කියැවෙනවා.
රොකට්ටුව ගුවන් ගත වූ අයුරු පහතින් නරඹන්න.
යුස් රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය තිදෙනා එහිදී පිළිගත් ආකාරය පෘථිවියේ සිට තවත් පිරිසක් නරඹන වීඩියෝව පහතින් බලන්න
width=”640″ height=”360″ src=”https://www.youtube.com/embed/dOw6SF_NKu0?feature=player_detailpage” frameborder=”0″ allowfullscreen>