හොලිවුඩ්

නත්තල් දවසේ පෘථිවිය අසළින් විශාල වස්තුවක් සැරිසරයි

නන්තල් දින සන්ධ්‍යාවේ පෘථිවිය අසළින් යන අති විශාල ඇස්ටරොයිඩයක් හේතුවෙන් පෘථීවියේ භූකම්පන හෝ ගිනි කඳු සක‍්‍රිය වීමේ අවදානමක් පවතින බවට තාරකා ජීව විද්‍යාඥයින් පවසා ඇත.

2003 SD 220 ලෙස නම් කර ඇති මේ ඇස්ටරොයිඩය මුල් වරට නිරීක්ෂණය කර ඇත්තේ 2003 වසරේ සැප්තැම්බර් 29 වැනි දින ඇරිසෝනාහි ලොබෙල් අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් බවත්, නත්තල් දින සන්ධ්‍යාවේදී සැතපුම් එකහමාරක් පළලින් යුත් මේ ඇස්ටරොයිඩය මිහිතලයට සැතපුම් මිලියන 6.7ක දුරකින් තත්පරයට සැතපුම් 17.5ක වේගයකින් ගමන් ගන්නා බවත් විද්‍යාඥයන් සනාථ කර ඇත.

නාසා ආයතනය පෘථීවිය ආසන්නයේ තිබෙන මෙවැනි ග‍්‍රහක කොටස් 12,992ක් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අතරින් ඇස්ටරොයිඩ 1607ක් උපද්‍රවයන් ඇති කළ හැකි ඒවා ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම මෙවැනි ඇස්ටරොයිඩ හා වල්ගා තරු ආදිය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාව ඉදිරි වසර 100දී 0.01%ක් වැනි ප‍්‍රතිශතයක් වේ යැයිද නාසා ආයතනය අනුමාන කරයි.

 

asteroid- asteroid1 asteroid3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!