තරු හුට පට

මේනකා අනු නවයෙන් බේරෙයි

‍පසුගිය දිනවල තිරගත වූ මහරජ අජාසත් සිනමා නිර්මාණය තුළින් කාගෙත් කතාබහට ලක්වූ “බදිරවනි” චරිතයට පණ පෙවූ මේනකා මධුවන්ති ලබන අවුරුද්දේ අලුත් වැඩක් කරන්න යනවා කියලා අපට ආරංචි වුණා. අපි මේනකාගෙන් ඒ ගැන අහලා බැලුවා.

“මේ දවස්වල මම හරිම කාර්යබහුලයි. දැන් ඉතින් නත්තල් සමයනේ. ඉතින් කලා කටයුතුවලින් ටිකක් බැහැරව මගේ ව්‍යාපාරයට යොමු වෙලා ඉන්නේ. ලබන අවුරුද්දේ මගේම තවත් ෂොප් එකක් පටන් ගන්නයි හිතාගෙන.

ඒකටත් සූදානම් වෙනවා. එහෙම වුණා කියලා හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම රඟපානවා. හදිසි අනතුරකට මුහුණ පෑ අකරතැබ්බයක් ගැනත් මේනකා කිව්වේ මේ විදිහට.

“මම පසුගිය දිනක ගේම් ෂෝ වැඩසටහනකට සහභාගි වුණා. ඒකේ බයිසිකල් පදින තරගයක් තිබුණා.

මමත් ඉතින් ඒ අභියෝගය බාර අරගෙන බයිසිකලය වේගයෙන් පැදගෙන ඉදිරියටම ගියා.

යනකොට බයිසිකලේ බ්‍රේක් කැඩුණා. එහා පැත්තේ තිබුණේ හෙළක්. හැමෝම බය වෙලා බලන් හිටියේ. මගේ වාසනාවට මට කොහොමහරි බයිසිකලය නතර කරගන්න පුළුවන් වුණාම එහෙම වුණේ නැත්නම් මම ඉවරයි.”

 

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!