තරු හුට පට

ණය නොගෙවීම හොයන්න ගිය බැංකු නිලධාරියා කාන්තාවකගෙන් ගුටි කා රෝහලේ

 

10

 

බැංකුවකින් ණයක් ලබාගෙන එහි හිඟ වාරික පියවීම පැහැර හැරීම ගැන සොයාබැලීමට ගිය බැංකු නිලධාරියෙකුට කාන්තාවක් විසින් පහරදුන් පුවතක් වාර්තා වනවා. ඒ මාදම්පේ, තඹගල්ල – කොරසවත්ත ප්‍රදේශයෙන්.

 

පසුගිය 24 වැනිදා පහර කෑමට ලක්වූ බව කියන නිලධාරියා බැංකු කළමනාකාරවරයා සමග ණය ලබාගත් කාන්තාවගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී බැංකු කළමනාකරු හා නිලධාරියා එම කාන්තාව සමග කතා කරමින් සිටින විට එම ස්ථානයට පැමිණි එකී කාන්තාවගේ ස්වාමි පුරුෂයා බැංකු නිලධාරීන්ට පහරදී තිබෙනවා.

 

එම වේලාවේම පැමිණි තවත් කාන්තාවක් බැංකු නිලධාරියාට පහරදී ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ රතුගමගේපියල්සුසන්තප්‍රනාන්දු(අවු:46) නම්අය මේවන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙලෙස බැංකු නිලධාරියාට රෝහල් ගත වීමට තරම් ප්‍රහාරයක් එල්ල කළ කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ගැන මාදම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!