Gossip

දරුවන් අටදෙනා රකින්න අසභ්‍ය වීඩියෝ වලට ඉන්න මව- කතාව ඇහුවොත් පුදුමවෙයි

cvr

දරුවන් හයදෙනෙකුගේ මවක් විසින් තවත් එක් දරුවෙකු කෘතිමව ලබාගැනීමට ගොස් නිවුන් දරුවන් 8 දෙනෙකු ලද පුවතක් අමෙරිකාවෙන් මීට වසර කිහිපයකට පෙර වාර්තා වූවා.

කෙසේ වෙතත් ඇය පසුගිය දිනක විදෙස් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමන් දරුවන් උස්මහත් කරගැනීමට ගත් දැඩි පරිශ්‍රමය පිළිබඳවයි.

2009 වසරේදී තමට දරුවන් 6දෙනෙකු සිටියද තමන්ට තවත් එක් දරුවෙකු අවශ්‍ය වූ බැවින් කෘතීම ලෙස දරුවෙකු ලබා ගැනීමට ඇය තීරණය කර තිබෙනවා.

එම උත්සාහයේදී ඇයගේ කුසතුළ දරුවන් 8දෙනෙකු පිළිසිඳගෙන ඇති බවටයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම දරුවන් ප්‍රමාණය දරාගැනීමට ඇයට ශක්තියක් නොමැති බවත් ඒ හේතුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බවත්ය.

කෙසේ වෙතත් ඇය එහිදී වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට දරුවන් අට දෙනාම අවශ්‍ය බවයි.

පසුව ඇයගේ දැඩි අදිටනින් නිරෝගීමත් දරුවන් අට දෙනෙකු මෙලොවට බිහි වනවා.

එම කාන්තාව ප්‍රකාශ කරන ආකාරයට ඉන් අනතුරුව ඇය මුහුණ දී ඇත්තේ ඇයගේ ජීවිතයේ වඩාත් වේදනාත්මක කාලයකටයි.

දරුවන් 14 දෙනෙකුගේ මවක් වුවද නිසි රැකියාවක් නොමැතිකම හේතුවෙන් දැඩි අගහිඟකම්වලට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් ඇය නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් මුදල් ඉපයීමට තීරණය කර තිබෙනවා.

පසුව එම මුදලද දරුවන් පෝෂණය කිරීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇය අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටීමට තීරණය කළේ අද මෙවන් පසුතැවීමක් ඇති වන බවට නොදැන බවටයි ඇය ප්‍රකාශ කරන්නේ.

තම සිරුර අලෙවි කර තම දරුවන් පෝෂණය කිරීම පිළිබඳව තමන් ඇය අද මහත් කනගාටුවට පත්වන බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් නිරූපන ක්ෂේත්‍රයේදී ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවද තම දරුවන ගැන සිතා ඒවා අත්හැර දැමු බවටයි එම සාකච්ඡාවට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ.

එහිදී ඇයට Octomom නම් අනුවර්ත නාමයක් පටබැඳුණු බවද එම කාන්තාව ප්‍රකාෂ කළා.

එම නාමයට බෙහෙවින්ම අකමැති ලොව සිටින පළමු පුද්ගලයා ඇය බවටයි එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඇය මෙලෙස මේ සියල්ලෙන් ඉවත් වූ බවටත් තවදුරටත් තමන් Octomom නොවන බවටත් ලොවට ප්‍රකාශ කිරීම මෙලෙස තම ජීවිත කතාව මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමේ මූලික අරමුණ බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

දරුවන් අට දෙනෙකු බිහි කිරීම හේතුවෙන් මේ වන විටත් ඇය කොන්දේ ආබාධයකින් පෙළෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ සියල්ල පසෙකළා ඇය සමාජ සේවය වෙනුවෙන් කැප වන බවටද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

අතීතය අතීතයට භාර කළ ඇය මේ වන විට තම දරුවන් සමඟ ප්‍රීතියෙන් කල් ගෙවන බවට එම වාර්තාවේ අවසානයේ සඳහන්.

 

1 2 3 4 5 6 7 8 9 10 11

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!