බොලිවුඩ්

7 හැවිරිදි දැරිය පණපිටින් වළදමයි – අම්මත් හවුල්

31  2

7 හැවිරිදි දැරියකගේ ගෙල  මිරිකා ඇය සිහි මූර්ජාවීමෙන් පසු ඥාතීන් විසින් වළ දැමූ

 

 

පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වේ. දැරියගේ සිහිමුර්ජා වීමෙන් පසු ඇය පාළු ස්ථානයක නොගැඹුරු වළක දමා ඇත.

 

මෙම සිද්ධිය දුටු බව කියන ආලෝක් කුමාර් නමැති ඉන්දියාවේඋත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මාන්පූර්ගම්මානයේපදිංචි ගොවියෙකු දැරිය බේරා ගැනීමට සමත්ව තිබේ.

 

දැරිය වළ දමා ටිකවේලාවකට පසු ඇයට සිහිය ලැබීම නිසා දැරිය කෑගසමින් වළෙන් ගොඩටඒමට උත්සාහකරද්දී  ගොවිතැන් වැඩ නිමවා පැමිණෙමින් සිටි එම පුද්ගලයා ශබ්දය ඇසී දැරිය වළෙන් ගොඩට ගෙන රෝහල් ගත කර ඇත.

 

මේවන විට දැරියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද පැවසෙයි.

 

සිද්ධියට සම්බන්ධ බව කියන එම දැරියගේ මව, මාමා සහ නැන්දණිය ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා ඇති බවත් ඉන්දීය පොලීසිය කියයි.

 

 

 

 

 

1 Comment

1 Comment

  1. Shantha Nawagamuwa

    August 31, 2014 at 7:13 am

    දැනට උතුරැ ඉංදියාවේ. ප්‍රාන්ත වල, ගැහැණු ළමුන් වශයෙන් උපත ලැබූ පසු, කලෙකදී ඔවුන් ඝාතනය කරනු ලබත්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!