Gossip

7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඇරඹුණු හැටි

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වූ 8 වැනි ජනාධිපතිවරණය අද උදෑසන 7ට ආරම්භ කෙරුණි.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

තම අභිමතය පරිදි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමට මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගනන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.

ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක් වන අතර ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන ගණන 43 ක් වෙයි.

පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර පස්වරු 5 දක්වා ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.

මේ අතර මෙවර මැතිවරණයේද දෙස් විදෙස් නිරීක්ෂකයින් විසින් නිරීක්ෂන කටයුතු සිදු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරණය නිරීක්ෂණය කරන නිරීක්ෂකයින් ගණන පන්දහසකට අධිකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!