Gossip

“එදා හිටියේ මම විතරයි” – මියුරු හඬින් රසික හදවත් වසඟ කරන උමාරාට මොකද වුණේ..? – බිහිසුණු අත්දැකීමක් ගැන උමාරා හෙළි කරයි – Photos

මිනිස්සුන්ට කරදර කියන දේවල් කියලා වෙන්නේ නැහැ කියලා අපි කතාවට කියනවානේ.
පසුගිය දවස්වල ඇත්තටම උමාරාටත් එහෙම කරදරයක් නොහිතපු වෙලාවක නොහිතපු විදිහට සිද්ධවුණා.
බත්තරමුල්ල පැලවත්තේ හටගත්තු ගින්නක් හින්දා උමාරාගේ මියුසික් ස්ටුඩියෝ එකට ලොකු හානියක් වුණා.
මේ හින්දා ඇය පසුගිය දවස්වල ගොඩක් ප‍්‍රශ්නවලට මුහුණදුන්නා. ඒ ප‍්‍රශ්න සියල්ල අවසන් කරලා උමාරා ආපහු වැඩ.
ඒ ගැනත් උමාරියාගේ අලුත්ම විස්තර ගැනත් ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

උමාරට ප‍්‍රශ්න ගොඩකට මුහුණදෙන්න සිද්ධවුණා නේද?
මුහුණදෙන්න වුණා තමයි. මාසයකට කලින් පැලවත්තේ වුණ ලොකු ගින්නක් හින්දා මගේ වෝකල් ඇකඩමියට ලොකු හානියක් සිද්ධ වුණා.

මේ හින්දා ලොකු පාඩුවක් වුණා ?
ඔව්. ලොකු පාඩුවක් සිද්ධවුණා. මගේ සංගීත භාණ්ඩ වගේම වෝකල් ඇකඩමියට අදාල සියලූම ලියකියැවිලි විනාශවුණා.

මේ හින්දා පන්ති ටික කාලයකට නවතා දැමුව කතාව ඇත්තද?
ඔව්. අනිවාර්යයෙන්ම නවත්වන්න සිද්ධවුණා. පසුගිය 10 වැනිදා තමයි අපිට හරියටම තැන සුද්ධපවිත‍්‍ර කරගන්න පුළුවන් වුණේ.. ගින්නට මුහුණදුන්න බිත්තිය සම්පූර්ණයෙන්ම විනාශවෙලා තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම හදන්න සිද්ධවුණා.
මට ලෙහෙසියෙන් තවත් තැනක පන්ති කරගෙන යන්න පුළුවන් වුණාට මම හිතන්නේ එතැන තිබුණ වාතාවරණය හින්දා මගේ පන්තියේ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් කැමැතිවුණේ නැහැ වෙනත් තැනක පන්තිය කරගෙන යන්න.

උමාරගේ පන්ති මාස එකහමාරක් විතර නවතා දැමුවා?
ඔව්. පන්ති නවතා දැමුව එක ඇත්ත. හරියටම මාසයයි සති දෙකක කාලයක් පන්ති නවතා දැමුවා.
ලොකු පාඩුවක් වුණා. මගේ ලෙහෙසි පහසුවට උඩ තට්ටුවත් කුලියට ගත්තා. එකේ මගේ මේකප් රූම් එක තිබුණේ. මගේ ඇදුම්ටික” ජුවලරි සියල්ල විනාශවුණා. මොනවා කරන්නද?.

සිද්ධිය වෙන වෙලාවේ උමාරියාත්” රයිනිත් එතැන හිටිය කතාව ඇත්තක්ද?
නැහැ. ඔවුන් වැඩකරමින් නෙමෙයි හිටියේ. එදා මගේ නිවාඩු දවසක්. එදා හිටියේ මම විතරයි.
ගින්න වෙනකම් මම දැනගෙන හිටියේ නෑ. ගින්න වෙලාවේ මට ගන්න මතක් වුණේ ෆෝන් එකත් මගේ හෑන්ඞ් බෑග් එකත් විතරයි.
ඊට පස්සේ තමයි නංගිට කතා කළේ. නංගිත්” එයාගේ සැමියාගේ කට්ටියත් ඉක්මණින් එතැනට ආවා. ඒ වගේම රයිනිත් ආවා.

ඇත්තටම ඒ වෙලාවේ මොකද හිතුණේ ?
මම කොහොමටත් බඩුභාණ්ඩවලට පෙරේතකමක් තියෙන කෙනෙක් නෙමෙයි. මට ඒ වෙලාවේදී හිතුණේ. මට සැමියෙක් ඉන්නවා” දරුවෙක් ඉන්නවා” මට යානවාහන වගේම වැඩ කරන්න පිරිසක් ඉන්නවා. නමුත් අන්තිමේ ඉතුරුවෙන්නේ අපි කරන හොඳ විතරයි කියලා.

උමාරාගේ පාසල යළි අරඹනවා ?
ඔව්. අනිවාර්යයෙන්ම.

මේ දවස්වල ඒ වැඬේට සූදානම් වෙනවා කියන්නේ ?
මගේ පාසල ආරම්භ කරලා ලබන පෙබරවාරි මාසයට අවුරුදු දෙකක් වෙනවා. මට හිතුණා ලොකු පිරිසක් එකතු කරගෙන 17 වැනිදා ආපහු පාසල ආරම්භ කරලා 18 වැනිදා ලොකු වැඩමුළුවක් පවත්වන්න. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනෑ මට ඒ දේ කරන්න අවස්ථාව උදාකරදුන්නේ මගේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් කියන එක වගේම මගේ ෆැමිලි එකයි.
මොකද මේ දේ හින්දා මම මානසික අතින් ගොඩක් බිමට වැටුණා. අන්තිමේ කොහොම හරි අපි වෙනස්ම විදිහකින් ආරම්භ කරන්න ලෑස්තියි.

18 වැනිදාට තියෙන විශේෂ වැඩමුළුව මොකක්ද?
ඒක තවම මට කියන්න බැහැ. විශේෂ දෙයක් කියලා කියන්න පුළුවන්. දැන්ම කිව්වොත් වටිනාකමක් නැතිවෙනවා.

උමාරාගේ ස්ටුඩියෝ එකේ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න අලූත් වැඩ මොනවාද?
දැනට මගෙන් ඉගෙන ගන්න ළමයි කිහිපදෙනෙක් රූපවාහිනී රියැලිටි වැඩසටහන්වලින් ඉදිරියට ගිහිං තියෙන්නේ. සමහරු ගීත නිකුත් කරලා තියෙනවා.
තවත් සමහරු නිෂ්පාදන පැත්තට යොමුවෙලා. ඉතිං මම මේ වෝකල් ඇකඩමි එක ආරම්භ කරන්නත් හේතුව වුණේ අපිට තිබුණේ නැති සහයෝගය අනාගත පරපුරට ලබාදෙන්න.

අලූත් ගීතයක් කරන්න අදහසක් නැතිද?
තාරුණ්‍යයට මගෙන් අලූත් ගීතයක් දෙසැම්බර් මාසයේ ලබාදෙනවා. ඊට අමතරව ගීත කිහිපයක වැඩකටයුතු අවසන් කරලයි තියෙන්නේ. ඒවා නිකුත් කරන්න තමයි බලාපොරොත්තුව.

විදෙස් සංචාර කිහිපයකටත් ආරාධනා ලැබුණා නේද?
විදෙස් ප‍්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා. මම සැලසුම් කරගෙන හිටපු මගේ ජුවලරි ලයින් එක මේ ගින්න හින්දා සම්පූර්ණයෙන්ම නැතිවුණා.
නැවතත් ඒකට මූලිකත්වය දෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

මේ ගින්න හින්දා රසිකයන් අතර යන්න තිබුණ ඔබේ අනන්‍යතාවයට හානියක් වුණා නේද? ඒ දේවල් කොහොමද හදාගන්නේ ?
මම හිතන්නේ නැහැ ගින්න හින්දා රසිකයන් අතර තිබුණ මගේ බැඳීම අඩුවුණා කියලා. මොකද ගින්න මම ලොකුවට ප‍්‍රචාරය කරන්න ගියේ නැහැ.
මමත් පිච්චුණ බවක් හරි මට තුවාල වුණ දේවල් කාටවත් කියන්න ගියේ නෑ. මොකද ඒ අනවශ්‍යයි. කියන්න ඕනෑ දේවලූත් තියෙනවා” කියන්න ඕනෑ නැති දේවලූත් තියෙනවා. මට පේ‍්‍රක්‍ෂකයන් වැඩිවෙලා මිසක් අඩුවෙලා නැහැ.

තාරුණ්‍යයෙන් උමාරා ස්ටුඩියෝ එකට මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නේ ?
අනිවාර්යයෙන්ම ලොකු සහයෝගයක් ලබාදුන්නා. අද වෙනකම් මගේ සිසු සිසුවියන් මගේ ස්ටුඩියෝ එකට ඇවිත් උදව් කරපු අවස්ථා අනන්තවත් තියෙනවා. විශේෂයෙන් මගේ ක්ෂේත්‍රයේ අයත් මට ගොඩක් උදව් කළා. මේ වගේ කරදරයක් වුණාට මම දන්නවා හොඳ හිතින් කවුද මාත් එක්ක ඉන්නේ කවුද මාත් එක්ක නැත්තේ කියලා.

කාලෙකින් වෙනස් ආකාරයේ ගීතයක් නැහැ ?
නත්තලට වෙනස්ම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක මගේ සිසු සිසුවියන් එක්ක තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම ඉවෙන්ට් කිහිපයක්ම මගේ සිසු සිසුවියන් එක්ක කරන්නත් අදහසක් තියෙනවා.

භාතිය සන්තුෂ්” උමාරියා එක්ක එකතුවෙලා අලූත් දෙයක් කළොත් නරකද?
නංගිත් එක්ක වැඩක් කරන්න සූදානමක් තියෙනවා. මට වුණ දේත් එක්ක සැලසුම් සියල්ල අවුල්වුණා. දැන් ඒ වැඩ හරි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!