Gossip

අසනීපෙට බෙහෙත් හොයපු කුරුං ගුරුන්ගේ රුපියල් 25,000ක් වංචනිකයෙක් සොරා ගනියි

පසුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ කෙනෙක් තමයි කේ.ඒ. පියකරු එහෙමත් නැත්නම් කුරුං ගුරුන් ගැන.

ඒ් ඔහු පසුගියදා සිය රෝගී තත්වය හේතුවෙන් අසරණ වී සිටීමත් සමගයි.

78 වන වියේ පසුවන මොහු දැනට මාස 10ක පමණ කාලයක සිට ශරීරයේ කොටසක් අප්‍රාණික වීමේ රෝගී තත්වයකින් පීඩා විඳිනවා.

කෙසේවෙතත් ඔහු සතු රුපියල් 25,000 ක මුදලක් කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ දින වංචනික ලෙස රැගෙන ගොස් තිබෙනවා.

ඒ ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි නාඳුනන පුද්ගලයෙකු බවයි ඔහුගේ බිරිඳ කියා සිටියේ.

අදාළ සැකකරු රංගන ශිල්පියා බැලීමට පැමිණ ඇත්තේ ඔහුගේ රෝගී තත්ත්වයන් සුවකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදල් පරිත්‍යාගයක් කිරීමට විදේශිකයෙකු සූදානමින් සිටින බවයි.

එය ලබා ගැනීමට නම් රුපියල් 25,000 ක් වැය කර දුම්වැටි තොගයක් අදාළ විදේශීය ජාතිකයාට ලබාදිය යුතු බව ප්‍රකාශ කළ මුදල් වංචාකරු ඒ සදහා කේ.ඒ.පියකරුගේ කැමැත්ත ලබාගෙන තිබෙනවා.

ඒ අනුව, වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මුදල් ලබා ගත් රංගන ශිල්පියා සැකකරුට මුදල් ලබාදී ඇති බවයි ඔහුගේ බිරිඳ වන ප්‍රේමා අල්විස් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අද (28) පෙරවරුවේ තලංගම පොලීසියට පැමිණ පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!