Gossip

ජනප්‍රිය රංගන ශිල්පී තිලක් ජයවීරට සමාජ ශාලාවකදී පිහි ප්‍රහාරයක් – උදර ප්‍රදේශයට පිහි ප්‍රහාර 03ක්

ප්‍රවීණ රංගන ශිල්පී තිලක් ජයවීර පිහි ඇනුමකින් රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූ ඒ මහතා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සැත්කමකට ලක්කර තිබෙනවා.

ඔහු මෙම පිහි ඇනුමට ලක්වී ඇත්තේ නුගේගොඩ හතේ කණුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළදීයි.

අදාළ සමාජ ශාලාවට අලුයම් කාලයේ පැමිණි පිරිසක් විසින් මෙලෙස ඔහුට පිහියකින් ඇන පලාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහුගේ උදරය ආශ්‍රිත ප්‍රදේශයට පිහි ප්‍රහාර 3 ක්‌ එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

තිලක් ජයවීර මේ වනවිට 58 හැවිරිදි වියේ පසුවනවා.

පලාගිය සැකකරුවන් සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මිරිහාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!