Gallery

“2019-05-08 පාසලේ බෝම්බ තියනවා.. සියලුම කිතුනු සිසුන් මරා දමනවා.අල්ලාහ් සත්‍යයි.” – විදුහල්පතිනියට ලැබුණු අයි.එස්. සංවිධානයෙන් බවට සඳහන් ලිපිය මෙන්න

චුණ්ඩික්කුලි බාළිකා විදුහලේ විදුහල්පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට අයි.එස්. සංවිධානයෙන් බවට සදහන් කරමින් ලිපියක් ලැබී ඇති බව වාර්තා වනවා.
චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් තමන්ට තර්ජනාත්මක ලිපියක් ලැබුණු බවයි විදුහල්පතිනිය විසින් යාපනය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුළත් කර ජාතික තවුහීද් ජමාද් සංවිධානය නමින් ඊයේ (04) දිනයේදී එම ලිපිය එවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ලිපියේ අයි.එස්.අයි.එස්. ධජයට අමතරව තරුණයෙකුගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙන බවත් එම තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත්, එම ලිපිය දෙමළ බසින් ලියා ඇති බවත් යාපනය පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දෙමළ බසින් ලියා තිබූ ලිපිය සිංහල බසට පරිවර්ථනය කිරීමේදී එහි මෙසේ සඳහන්ව තිබෙනවා.

චුණ්ඩක්කුලි විදුහල්පතිනිය,

මෙම දේශය අල්ලාහ්ගේ දේශයයි මෙහි ඉස්ලාම් ජනතාව පමණක්ම ජීවත්විය හැකියි.
මෙය අපගේ පූජනීය භූමියයි ඔබලා වැනි කිතුනුවන් හෝ වෙනත් කිසිවෙකුත් ජීවත් විය නොහැක.
එසේ ජීවත් වීමට ඉඩ නොදෙමි. බදාදා දින 2019-05-08 පාසලේ බෝම්බ තියනවා සියලුම කිතුනු සිසුන් මරා දමනවා.අල්ලාහ් සත්‍යයි. සියලුම පාසල්වල බෝම්බ තියන්න ජිහාත් සාමාජිකයින් එනවා ඉන්ෂා අල්ලාහ්. අපේ පවුල අල්ලාහ් ආරක්ෂා කරනවා.
(මුහම්මදු උමර් රියාස් (ප්‍රතිප්)

ජාතික තව්හිද් ජමාද් සංවිධානය – යාපනය දිස්ත්‍රික්කය.”

මේ අනුව අදාල ලිපිය එවූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් හෙලී වී නොමැති අතර එම පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇති බවයි යාපනය පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!