Gallery

මුහුණ වසාගෙන හලාවත මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ සැමියා පොලිස් අත්අඩංගුවට

හලාවත ජයබිම ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය ස්ථානයකට මුහුණ වසා ගෙන පැමිණි මුස්ලිම් ජාතික තරුණියක් සහ ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප‍්‍රදේශවාසීන් විසින් හලාවත පොලීසියට කළ දැනුම් දීමකට අනුව හලාවත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.
අදාල තරුණිය 23 හැවිරිදි වියේ පසුවන අතර ඇය එම ප‍්‍රදේශයේම පදිංචිකාරියක් බවයි වාර්තා වුණේ.
26 හැවිරිදි ඇගේ සැමියා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විවාහයෙන් පසු ඔහු ද එම ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා.
සැකකරු සහ සැකකාරිය හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රටේ පැවති තත්වය හේතුකර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම පසුගිය අප්‍රේල් 29 වනදා සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබුවා. ඒ අනුව අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි ලෙස මුහුණු ආවරණය කරගෙන යාම නීතියෙන් වරදක් වන අතර එවැනි අය ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක අංශ වෙත පැවරී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!