Gossip

2019 අයවැයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මෙන්න

2019 වර්ෂය සදහා අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.
2018 දෙසැම්බර් මස 17 වන දින නැවත බලය හිමි වු බවත්, මේ වන විට සියලු දේ යථාතත්ත්වයට පත්ව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ජනවාරී සිට මේ දක්වා රජයේ ණය සුරුකුම් පත් 3400 ක ධනය ගලා ඒමෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට1.5කින් ශක්තිමත් වී ඇති බව ද කියා සිටියේය.
දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව අද වන විට නැවත වතාවක් නිවැරදි ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබී ඇති බව ද මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.
සියයට 4ක උද්ධමන අගයක් පවත්වා ගැනීමට හැකිවු අතර, 2015 වර්ෂයේ බාර ගන්නා ලද්දේ පුපුරා ගැනීමට ආසන්න වු කාල බෝම්බයක් වැනි දෙයක් වුවත් අද වන විට ආර්ථිකයේ ඇති බාධවන් සාර්ථකව පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
ලිහිල් ප්‍රතිපත්ති සහිත ආර්ථිකයක් ගොඩ නැගීමට මේ වන විට තම රජයට හැකියාව හිමි වී ඇති බවද පැවසු අමාත්‍යවරයා, ආනයන තීරුබදු ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.
සමාජ ආරක්ෂණ ජාලය සහ අයෝජනය තවදුරටත් තිරසාර ලෙස සිදු කරන අතර, අධ්‍යාපනයට වැඩි මුදලක් ලබා දී කාර්ය
මේ වසරේ අය වැය “එන්ට්‍රපයිස් ශ්‍රී ලංකා – ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය “ යන නමින් හැඳීන්වීමට කටයුතු යොදා ඇති බව ද කියා සිටි අමාත්‍යවරයා දවස් 52ක කුමන්ත්‍රණයේ දී ගම්පෙරළිය පළමු ගොඳුර බවට පත් වු බව ද කියා සිටියේය.
නමුත් නැවත බලයට පැමිණීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව ද කියා සිටි අමාත්‍යවරයා එන්ට්‍රපයිස් වැඩසටහනේ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකින් 30,000ක් පමණ ණය ලබා ගෙන ඇති බව ද පැවසීය.
2018 ජවාරි මාසයේ ආරම්භ කර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නය යෝජනා ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ජාතික තරුණසේවා සභාවේ සහතික පත් ලාබීන්ට හට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට තින්දු කළ ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
පසුගිය මාස කිහිපය තුළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ව්‍යවසායකින් 30000ක් පමණ ප්‍රථාලාභ ලබා ගෙන තිබේ.
එමෙන් ම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රුපියල් බිලියන 60000ක් මේ වෙන කොටත් මුදා හැර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසීය.
කුඩා ට්‍රක් රථ මත පනවා ඇති බදු අඩු කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා පේදුරුතුඩුව හා පේසාලෙයි නව ධීවර වරායන් දෙකක් ඇති කිරීමට රුපියල් මිලියන 1300 ක් වෙන් කර තිබේ.
පොල් ආශ්‍රිත කර්මාන්තවල දැනට පවතින නීති ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

පොදු තැන්වල වැසිකිලි නඩත්තු කිරීම හා ඉදිකිරීම පෞද්ගලික අංශයට බාර දෙයි.
කාන්තාවන් 250 ක් හා ඊට වැඩි වාණිජ ආයතනවල ළමා සුරුකුම් මධ්‍යස්ථාන ඇති කිරීම දිරිමත් කිරීමටත්, ළමයින් රැක බලා ගන්නා ස්ථාන නඟා සිටුවීමට රජයෙන් විශේෂ වැඩසටහනක්.
ළමා සුරුකීමේ මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනයන්හිදී පවත්වා ගෙන යෑමට අවශ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා..
ශ්‍රම බලකාය සඳහා කාන්තාවන්ගේ මැදිහත් වීම අවම වීම හේතුවෙන් ආර්ථික වර්ධනයට බාධාවක් වන බැවින් මාස 3ක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් කාන්තාවක් සඳහා මසකට රුපියල් 20000 උපරිමයකට යටත්ව වැටුප් පිරිවැයෙන් සියයට 50ක් සමාගම් බද්දෙන් අඩු කිරීමට යෝජනා කරයි.
එමඟින් පෞද්ගලික අංශයේ මව්වරුන් සඳහා මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු ලබා දීමට මාස 4ක් දක්වා ලබා දෙන්නේ නම් 4 වන මාසය සඳහා අතිරේක අඩු කිරීම සියයට 100ක් දක්වා ලබා දෙන අතර, මෙය වසර 5ක් දක්වා බලපැවැත්වෙයි.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ගෙවන රුපියල් 3000 දීමනාව 5000 දක්වා වැඩි කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!