Gossip

වෙසක් පෝය අප්‍රේල් මාසේ, එක මාසේ පෝය දෙක දෙක, වැඩ කරන්න තියෙන්නේ දවස් 209 යි, නිවාඩු දවස් 156 යි – 2018 සුපිරි කැලැන්ඩරේ මෙන්න

අලුත් අවුරුද්දට හම්බවෙන කැලැන්ඩරේ අතට ගත්තු ගමන් කවුරුත් බලන්නේ නිවාඩු වැටිලා තියෙන්නේ කොයි කොයි දවස්වලටද කියලයි.

පෝය කවද්ද, සතියේ දවස්වලට නිවාඩු වැටිලා තියෙනවද කියන එක ජොබ් එකක් කරන කවුරුත් බලනවා.

දැන් අලුත් අවුරුද්ද ඒ කියන්නේ 2018 අවුරුද්දේ කැලැන්ඩරේ ප්‍රින්ට් කරලයි තියෙන්නේ.

ඒ  කැලැන්ඩරේ සතියේ දවස්වලට නිවාඩු වැටිලා ඇති කියලා බලාගෙන ඉන්න අයටනම් එච්චර හොඳ නැති පාටක් තමයි පේන්න තියෙන්නේ.

2018 සෙනසුරාදා දවස් 52 ක් සහ ඉරිදා දවස් 52 ක් තියෙනවා.

සතියේ මැද නිවාඩු දවස් 22 යි තියෙන්නේ.

රැකියා වරප්‍රසාද නිවාඩු 30 ක් තියෙනවා.

මේ ඔක්කොම එකතු වුණාම නිවාඩු 156 ක් 2018 අවුරුද්දට තියෙනවා.

එතකොට වැඩ කරන දවස්සේ තියෙන්නේ 209 ක් විතරයි.

2018 ජනවාරි මාසයේ පෝය නිවාඩු 2 ක් තියෙනවා.

එ් ජනවාරි 1 වෙනිදා සහ 31 වෙනිදා. එ් නිසා පෙබරවාරි මාසයේ පෝය නිවාඩුවක් නෑ.

මේ අවුරුද්දේ ජාතික නිදහස් දිනය තියෙන්නෙත් ඉරිදා දවසක. හැබැයි 5 වන සදුදා රජයේ නිවාඩු දවසක් විදියට නම් කරලා තියෙනවා.

මාර්තු මාසයෙත් පෝය දවස් 2 ක් යෙදිලා තියෙනවා.

2018 වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. එ් නිසා මැයි මාසයේ අධි පොසොන් පෝයක් තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!