බොලිවුඩ්

සනීගේ අඩි පාරේ යන ඇගේ සැමියා

මෑතකදී බොලිවුඩයට පය ගහපු සනී ලියොන්ගේ සැමියා “ඩැනියල් වෙබර්” සනී ලියෝන්ගේම අඩිපාරේ යන්න පෙරුම් පුරමින් ඉන්නවා. ඒ බොලිවුඩයේ නවතම චිත්‍රපටයක රංගනයේ යෙදීමට අවස්ථාව උදාවීම නිසා. “ජිසම් 2” චිත්‍රපටයෙන් බොලිවුඩයට ආ සනී ලියොන් මේ ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ “ ඩැනියල්ට හින්දි සිනමාවේ හොඳ අවස්ථාවක් හම්බවෙලා තියෙනවා. සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිසක් අපි දෙන්නට එකම චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළා.”

“ඇත්තටම කිව්වොත් ඩැනියල් බොලිවුඩ් චිත්‍රපටවලට ගොඩක් ආදරය කරන කෙනෙක්. බොලිවුඩ් නිර්මාණයකට දායක වෙන්න ඕන කියන අදහස එයා ළඟ තිබුණා. මේක තමයි ඒකට තියෙන හම්බවුණ හොඳම අවස්ථාව. අපි දෙන්නම එකම චිත්‍රපටියේ රඟපාන එකනම් ඇත්තටම විනෝදජනකයි” ඩැනියල් වෙබර් වැඩිහිටියන්ට පමණක් නිපදවුණු චිත්‍රපටවල  රංගනයෙන් දායකවුණු නළුවෙක්. මේ වනවිට සනී ලියෝන්ගේ “Sun-Lust Productions” නම් වැඩිහිටියන්ට වෙන්වූ චිත්‍රපට නිෂ්පාදනය කරන සමාගමේ සියලු කටයුතු සිදුකරන්නේ ඩැනියල් විසින්මයි.

ආරාධනා කරන හැම නිර්මාණයකටම සනී කැමති වුණාට අවසන් තීරණය ගන්නේ ඩැනි‍යල් කියලා තමයි සනීනම් කියන්නේ.“මම තිර පිටපත් කියවලා අධ්‍යක්ෂකවරුන්වයි, නිෂ්පාදකයින්වයි හම්බවෙනවා. හම්බවෙන හැම නිර්මාණයකටම දායක වෙනවා. අයින් කරන නිර්මාණ නැති තරම්. මොනස දේ වුණත් මම ඩැනියල් එක්ක කතා කරලා බලනවා හම්බවෙන ආරාධනය ගැන. එතන දී විරුද්ධත්වයක් නැත්තන් ඒක බාරගන්නවා”

කොහොම වුණත් සනී හා ඩැනියල් දෙන්නම රඟපාන චිත්‍රපටයේ නම මොකක්ද කියලානම් තාම දන්නේ නැහැ. මේ වනවිටත් 31 වන වියේ පසුවන සනී ලියොන් ඇගේ දෙවන බොලිවුඩ් චිත්‍රපටය ලෙස ඒක්තා කපූ‍ර්ගේ “රජිනි එම්.එම්.එස්. 2” චිත්‍රපටයේ ගිවිසුමට අත්සන් කරලා කියලා තමයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!