Gossip

15 හැවිරිදි සිසුවාට අතවර කළ ටියුෂන් ගුරුවරිය

වැලිගම ප‍්‍රදේශයේ උපකාරක පන්තියකට අධ්‍යාපනය සඳහා පැමිණි පහළොස් හැවිරිදි පිරිමි ළමයකු කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට කියන 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක් වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරියට රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කර ඇත.

ඇප තැබීමෙන් පසු සැකකාරිය මාතර රෝහලේ මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් කර බී වාර්තාවක් ලබාගෙන 2021 ජුලි 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර ඇත. මෙසේ ඇප තැබීමට නියම වූ උපකාරක පන්ති ගුරුවරිය එක් දරු මවකි’ මේ සම්බන්ධයෙන් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ වැලිගම පොලිසියේ අපරාධ අංශයේ පො’ප’ ධර්මවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට සිද්ධිය පිළිබඳව කරුණු දක්වා ඇත.

බාල වයස්කාර සිසුවකුට ලිංගික අපයෝජනය සිදු කිරීමේ චෝදනාව මත සැකකාරිය අත්අඩංගුවට ගත් බවට පොලිසිය අධිකරණයට පවසා ඇත. අපයෝජනයට පත්ව ඇති බවට කියන සිසුවා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මාතර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවට පොලිසිය අධිකරණයට දැන්වීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!