Gossip

15 හැවිරිදි පෙම්වතියගේ සෙල්ලමෙන් තරුණයින් දෙදෙනෙක් අතර සටනක් – වීදුරු කැබැල්ලක් තීරණාත්මක තීන්දුවක් දෙයි

වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබෙන අතර එහිදී ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා‍.

පොලීසිය පැවසුවේ ඊයේ (22) අලුයම කඩවත ප්‍රදේශයේ කුලී පදනම මත නැවතී සිටි කාමරයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුවී ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි රාජු මධුශංක නමැති තරුණයෙක්.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව අනාවරණය වුණා.

ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

බාලවයස්කාර දැරිය නැවතී සිට ඇත්තේ එම කුලී කාමරයේයි.

එහිදී පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් ඝාතනය සිදුකළ අදාළ තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව පවසා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසියට වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පෙරේදා රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී පළමු පෙම්වතාව දැකීමෙන් එම සම්බන්ධතාවය ඇය යළි ආරම්භ කර තිබෙන බවයි.

පසුව දෙදෙනාම ඇය නැවතී සිටි බෝඩිම් කාමරය වෙත පැමිණ තිබුණා.

ඒ පිළිබඳව ආරංචිවීමෙන් පසු ඝාතනය සිදුකරන අදාළ තරුණයා ඇය නැවතී සිටි බෝඩිම වෙත ඊයේ අලුයම 3ට පමණ පැමිණ තිබෙනවා.

එහිදී දෙදෙනාව දැක කෝපයට පත්වූ එම තරුණයා මෙම ප්‍රහාරය එල්ලකර තිබුණා.

බාලවයස්කාර දැරිය පරිවාස භාරයේ සිට ඉන් පැන ඇවිත් මෙලෙස කුලී කාමරයක නැවතී සිට ඇති බවද අනාවරණය වී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබුණා.

කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!