Gossip

හැමෝම කිව්වා මටත් වීඩියෝ එකේ රඟපාන්න කියලා. මුලිින් අකමැති වුණත් පස්සේ හිතුනා අලුත් දෙයක්නේ කරලා බලන්න ඕනේ කියලා – නාමල් රාජපක්ෂ

නමල් රාජපක්ෂ ක්‍රියන්නේ තරුණ දේශපාලඥයන් අතර ඉහළින්ම සිටින චරිතයක්.
ඔහු ගැන කරළියට ආපු අලුත්ම කතාබහ තමයි රෝහිතගේ මියුසික් වීඩියෝ එකකට රංගනයෙන් දායකවීම.
ඉතිං නාමල්ගේ මේ අලුත්ම අත්දැකීම ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

මන්ත්‍රීතුමාට නළු වරම ලැබුණේ අහම්බයකින් කියලයි ආරංචිය..?
අහම්බයක් වගේ තමයි..
රොහිත මල්ලි ඔය වීඩියෝ එකේ වැඩවලට නුවරඑළියේ ගියපු දවස්වල අපේ අම්මා තංගල්ලේ හිටියේ.
තාත්තා ලංකාවේ හිටියේ නැහැ.
ඒ නිසා මම ගියා එයාගේ උදව්වට.
ඒ ගිහින් ඉන්නකොට හැමෝම කිව්වා මටත් වීඩියෝ එකේ රඟපාන්න කියලා. මුලිින් අකමැති වුණත් පස්සේ මටත් හිතුනා අලුත් දෙයක්නේ කරලා බලන්න ඕනේ කියලා.

රඟපෑමක් කරනවා කියලා දැන දැන කැමරාවක් ඉදිරියේ ලබපු මුල්ම අත්දැකීම කොයි වගේද..?
මෙච්චර කාලෙකට රඟපෑම හොඳයි කියලා හිතුනා. අනික මෙච්චර කල් දේශපාලකයෙක් ක්‍රීඩකයෙක් සමාජ සේවකයෙක් විදිහට හැමෝම දැනගෙන හිටපු මාව අලුත් විදිහකට මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් වුණා කියලා හිතනවා.

අයියලා මල්ලිලාගේ යාළුකම් ඇත්ත ජීවිතේදිත් ඔය වගේමද..?
මමයි මල්ලිලා දෙන්නයි විතරක් නෙවෙයි. අම්මා තාත්තා අපි ඔක්කොම ඉන්නේ යාළුවෝ වගේ.
දේශපාලනය නොගෑවුණු ලස්සන පවුලක් අපිට තියෙනවා.
මම මේ කරපු රඟපෑම වුණත් අමාරු නොවුණේ අපි අතරේ තියෙන ඒ යාළුකම නිසා.
අලුතෙන් දෙයක් හිතලා කරන්න තිබුණේ නෑ.. අපි ගෙදර ඉන්නෙත් ඔය විදිහටම තමයි.

කලාව පැත්තෙන් යමක් කරන්න ඕන කියලා අදහසක් කවදාකහරි තිබුණද..
එහෙම දෙයක් තිබුණාම කියන්න අමාරුයි. හැබැයි කලාව අපේ ගෙදරට අලුත් දෙයක් නෙවෙයි.
තාත්තා වුණත් දෙතුන් වතාවක් රඟපාලා තියෙනවනේ.. අපි හැදුනු පරිසරය දේශපාලනයට වැඩිපුර කිට්ටු වුණාට කලාවෙන් ක්‍රීඩාවෙන් ඈත්වුණු පරිසරයක් නෙවෙයි.

රඟපෑම් දැකලා අම්මා තාත්තා මොනවද කිව්වේ..?
විශේෂ දෙයක් කිව්වේ නෑ. නරකක් කිව්වෙත් නෑ. කවදාවත් ඒ දෙන්නා අපිව කිසිම දේකට කොටු කරලා නැති නිසා අපි නිතරම ගියේ අපි කැමති පාරවල්වල. ඒ දෙන්නා පස්සෙන් ඉදගෙන අපිව බලාගත්තා මිසක් අරක කරන්න මේක කරන්න කියලා කිව්වේ නැහැ.
නිතරම අපි අලුත් වෙනස් දේවල් කරනවාට ඒ දෙන්නම කැමතියි.

දේශපාලනය හැරුනම මේ දවස්වල කරන අනෙක් දේවල්…?
ක්‍රීඩාවට, යෝගවලට වෙලාව වෙන් කරගෙන යනවා. පොත් කියවනවා.. නීතීඥයෙක් විදිහට කටයුතු කරනවා.

පසුගිය කාලේ යෝග කරද්දි ගත්ත පින්තූර ටිකක් ගැන කතා ගොඩක් පැතිරුණා නේද…?
අපේ පුද්ගලික ජීවිතවල තියෙන්නේ දේශපාලනය නෙවෙයි.. දේශපාලකයෝ විදිහට අපි යම් තරමක් දුරට අපේ පුද්ගලිකත්වය කැප කරන්න ඕනෙ බව ඇත්ත. ඒත් තමන් තමන් විදිහට ජීවත් වෙන්න ඕනේ.. තමන් තමන් නොවී ජීවත් වුණාම අමාරුයි. එක එක්කෙනා එක එක විදිහට දැකපු කතාබහ කරපු ඔය පින්තූර අපි අපි විදිහට ගත කරන ජීවිතේ පින්තූර. කවුරු මොනවා කිව්වත් අපි ජීවත් වෙන්නේ අපි ආසා කරන විදිහට.

තාත්තා හැරුනාම ජීවිතේට දැනුනු තවත් දේශපාලන චරිත තියෙනවද..?
ලෝකයේ එදා සහ අද වෙනකං සිදුවුණු දේශපාලන විප්ලවයන් ගැන දේශපාලන චරිත ගැන මම කියවලා තියෙනවා. ඒ අය අතරින් හිතට දැනුනු ගොඩක් චරිත තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි වගේ අය ඒ අතරේ ඉන්නවා..

ගෙදර හැමෝම එකතුවුණු වෙලාවට දේශපාලනය තහනම් වචනයක්ද..?
අපි පස්දෙනාම එකට වාඩිවෙලා ඉන්න ලැබෙන දවස් හරි අඩුයි. ඒ නිසා එහෙම දවස් පවුලක් විදිහට ගත කරන්නයි අපි කැමති. මල්ලිලා දෙන්නයි මමයි නම් නිතරම ක්‍රීඩාව නිසා එකට ඉන්නවා. පවුලක් විදිහට අපි පස්දෙනා එකට ඉන්න එකට ආදරය කරන මිනිස්සු පිරිසක් තවම ඉන්නවා. ලෝකයේ දේශපාලන පවුල්වල මතගැටුම් ඇතිවුණු කාලෙකයි අපේ තාත්තා අපේ පවුලේ තියෙන බැදීම ලෝකෙට පෙන්නුවේ..
ඒක ලෝකයට ආදර්ශයක් වුණු එක ගැනත් සතුටුයි.

රඟපෑම්වලට ආරාධනා ලැබුණොත්..?
ලැබෙන ආරාධනාව අනුව සලකා බලන්න ඕනේ..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!