Gossip News

ෆේස් බුක් නොමග යවන ‘ෆැක්ට් චෙකර්’

මෙවර ජනපතිවරණයට සමාජජාලා මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය වැළකීම සඳහා ෆේස්බුක් ආයතනයේ නිළධාරීන් සමග රජය හා මැතිවරණ කොමිෂන් සභාව එක්ව සිදු කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක්හි පළවන අසත්‍ය පුවත් නියාමනය කිරීමට “කරුණු විශ්ලේෂන” සමාගමක් මෙරට ආරම්භ කර තිබෙනවා.

ඉන් සිදුවන්නේ ෆේස්බුක් වෙබ් අඩවියේ පළවන අසත්‍ය පුවත් හදුනාගෙන ෆේස්බුක් ආයතනයට වාර්තා කිරීමයි. මෙම ආයතන ස්වාධීන ආයතන ලෙසට ෆේස්බුක් වෙබ් අඩවියට හඳුන්වා දී තිබෙන නිසා ඉන්පසුව එම පුවත් ඉවත් කිරීමට ෆේස්බුක් වෙබ් අඩවිය කටයුතු කරනවා.ප්‍රංශ පුවත් සේවයේ (AFP) කරුණු විශ්ලේෂන ශාඛාවක් සහ Fact Crescendo නම් ඉන්දියානු කරුණු විශ්ලේෂන සමාගමකට සම්බන්ධ ශාඛාවක් මේ වනවිට ශ්‍රී ලංකාවේ කරුණු විශ්ලේෂන ආයතන මේවන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.

කෙසේ වෙතත් Fact Crescendo ඉන්දියානු සමාගමට අයත් ශ්‍රී ලාංකික ශාඛාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ වනවිට ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ දැඩි කතාබහක් ලක්ව තිබෙනවා.

ඒ ආන්දෝළනාත්මක MCC ගිවිසුම සම්බන්ධයෙන් පිළිගත් වියතුන්, දේශපාලඥයන් විසින් දැක්වූ අදහස් “අසත්‍ය” යැයි නිගමනය කොට ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය වෙත යොමු කිරීමට Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන් කටයුතු කිරීමත් සමගයි.

රටක ජාතික මාතෘකාවක් සම්බන්ධයෙන් වියතුන් දක්වන අදහස් අසත්‍ය යැයි නිගමනය කිරීමට Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන් කටයුතු කිරීම ගැටලුවක් බව සමාජජාලා ක්‍රියාකාරිකයන් පෙන්වා දෙනවා.

මෙමගින් MCC ගිවිසුම පිළිබඳව ඇති සාකච්ඡාවේ එය රටට අහිතකරය ලෙස පළවන මතයන් අසත්‍ය ලෙසට Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන් වාර්තා කිරීම ඒකපාර්ශවීය ලෙසට කටයුතු කිරීමක් බවට සමාජජාලා ක්‍රියාකාරිකයන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දැඩි කතාබහට ලක්වූ MCC ගිවිසුමෙන් මෙරට ඉඩම් අයිතියට කිසිදු හානියක් නොවන බවට නිගමනය කර තිබීමෙන්ම Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන්ගේ පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් ගැටලු ඇතිවන බවටයි.

තවද කරුණු විශ්ලේෂක සමාගම්හි වගකීම හා සීමාව වන්නේ “අසත්‍ය පුවත් සමාජගත වීම හා පැතිරීම” වැළැක්වීමයි. ඉන් එපිටට ගොස් ප්‍රවෘත්තියක් නොවනා, ඕනෑම කරුණක් පිළිබඳව පුද්ගලයක් මතයක සත්‍ය, අසත්‍යභාවය නිර්ණය කිරීමට කරුණු විශ්ලේෂක සමාගම් වලට බලයක් පවතින්නේ නැහැ.

කෙසේ වෙතත් Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන් මෙලෙසට පුද්ගල මතයන් පවා අසත්‍ය යැයි නිර්ණය කරමින් ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් වෙබ් අඩවියට නිර්දේශ කිරීම සිය බලය අයථා ලෙසට භාවිතා කරන්නක් ලෙසට සමාජජාලා ක්‍රියාකාරිකයන් පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාවලිය ෆේස්බුක් මවු සමාගමට හොර රහසේ සිය බලය දේශපාලන ව්‍යාපෘතියක් යෙදවීමක් බවටද ඔවුන් විසින් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන්ගේ මෙම බලය අවභාවිතා කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට සිය මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිව, භාෂණයේ නිදහස ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශීලකයන්ට අහිමි වන බවයි.

තවද මෙම දත්ත විශ්ලේෂණ සේවා කිසිදු අයුරකින් දේශපාලන ව්‍යාපෘතියකට සම්බන්ධ නොවී ස්වාධීන විය යුතුයි. කෙසේ වෙතත් මේ සමගම Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන්ගේ අපක්ෂපාතීත්වය පිළිබඳ දැඩි ගැටලු පැන නගින බවද සමාජජාලා ක්‍රියාකාරිකයන් පවසනවා.

මෙම ක්‍රියාදාමය ෆේස්බුක් මවු සමාගමේ කිසිඳු දැනුවත් කිරීමකින් තොරවම සිදුවන්නක් නිසා Fact Crescendoහී ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ෆේස්බුක් මවු සමාගම දැනුවත් කිරීමට කටයුතු කරනා බවද ඔවුන් පවසා තිබුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!