Gossip News

තමන්ගේම දරුවන් දෙදෙනාගේ ගෙල සිරකර මරා දමන්න හැදූ මවට වැඩ වරදී..

අවුරුදු හත සහ දහ වයසේ පසුවන සිය දරුවන් දෙදෙනා ලණුවකින් ගෙල සිරකර මරා දැමීමට තැත්කළ බවට සැකපිට දෙදරු මවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත උදටියාවල පොලේගොඩ ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු මවක් බවයි පොලිසිය සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිමහල් දරුවා පවසා ඇත්තේ මල්ලිට සහ තමන්ට සිය මව විසින් පසුගිය 02 වනදා රාත්‍රී දහයට පමණ අතින් පයින් සහ කෝටුවකින් දැඩි ලෙස පහරදුන් බවත්, පසුව නින්දට ගොස් සිටියදී පසුගිය 03 වනදා අළුයම හතරට පමණ දෙදෙනාම අවදිකර නිවස පිටුපස කැලයකට රැගෙන ගොස් ලණුවකින් තමාගේ බෙල්ල සිරකිරීමට මව උත්සාහ කළ බවත්ය. එසේම එම අවස්ථාවේදී මවගේ අතට ගසා කැලයේ සැඟව සිටි බවත් දරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැකකාර මව පොලිසියට පවසා ඇත්තේ ස්වාමි පුරුෂයා විදේශ ගතව ඇති බැවින් දරුවන් දෙදෙනා හදා ගැනීමට දඬුවම් කළ බවයි. එසේම අළුයම හතරට පමණ දරුවන් දෙදෙනා නිවස පිටුපස කැළයකට රැගෙන ගිය බවට ඇය පිළිගෙන ඇති බවද සඳහන්.

ස්වාමි පුරුෂයා විදේශගතව සිටින ඇය ප‍්‍රදේශයේම පුද්ගලයෙක් නිවසේ රඳවා ගනිමින් අනියමි සමිබන්ධතාවයක් පවත්වන බවටත් දරු දෙදෙනා සමග දැඩි වෛරයකින් ජීවත්ව සිට ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!